ගෙදර නිරෝධායනය වෙන අයට ඡන්ද පොළ ලෑස්තියි

නමුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසරය ඕනෑ

නිවසේ දී නිරෝධායනයට ලක් වන පුද්ගලයන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂ අවසරයක් ලබා දෙන්නේ නම් ඔවුන්ට ඡන්ද පොළට පැමිණීමට වෙනම වෙලාවක්, වෙනම ඡන්දය ප්‍රකාශ කිරීමේ ස්ථානයක් ඇතුළු වෙන් කළ පහසුකම් ලබා දීමට මැතිවරණ කොමිසම සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ලබන 31 වැනදාට යොදාගෙන තිබූ නිරෝධායන කඳවුරු සහ නිවාසවල නිරෝධායනය වන පුද්ගලයන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට යොදා තිබූ පහසුකම අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවූ බව ප්‍රකාශ කළ අවස්ථාවේදීය.

නිරෝධායනය කළ පුද්ගලයන්ට නියමිත ඡන්ද දිනයට කලින් එනම් පූර්ව ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් මතුවූ විරෝධතා නිසා මැතිවරණ කොමිසමට මෙම තීරණය අවලංගු කිරීමට සිදුවූ බව සඳහන් කළේය.


ඔවුන්ට එම පහසුකම් ලබා දෙනවා නම් රක්ෂිත බන්ධනාගාර කොට සිටින පුද්ගලයන්ටද එම අයිතිවාසිකම පවතින බවට ඉදිරිපත් වූ පැමිණිලි කිහිපයක් මත මෙවැනි පූර්ව ඡන්ද ප්‍රතාශ කිරීමක් සඳහා තමන්ට නෛතික ප්‍රතිපාදන නොමැති පසුබිමක ගත් තීරණය ආපස්සට ගැනීමට සිදුවූ බව ඔහු ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද නිවාසවල නිරෝධායනය වන පුද්ගලයන්ට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දෙන්නේ නම් ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ පහසුකම් ඡන්ද පොළේ ඇති කළ හැකි බවත් ඔවුන් පොදු ප්‍රවාහන සේවාවලින් නොපැමිණ තම පෞද්ගලික වාහන හෝ මැතිවරණ කොමිසම මඟින් සපයනු ලබන වාහනවලින් පැමිණ එම ඡන්දය ප්‍රකාශ කළ යුතුය.

Exit mobile version