කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා! WHO ලොක්කා යළිත් කියයි

ප්‍රමුඛතා පිළිවෙළට කරගෙන යන්නට ඉඩ දෙන්න

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දෙනු ලැබ ඇති මඟ පෙන්වීම් අනුව එන්නත් ලබා දීමේ ප්‍රමුඛතාව හිමි විය යුතු කාණ්ඩවලට ලෝකය පුරාම රටවල එන්නත් ලබා දිය යුතු බවත් සෑම රටක් ම මෙම වයිරසය ලෝකය පුරා ව්‍යාප්ත වීම පාලනය කර නොගතහොත් ලබා දෙන එන්නත්වල ඵලදායී බව අඩු වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෙස් ගේබ්‍රියේසස් ඊයේ (22) රාත්‍රි පැවැති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය. ඔහු එහිදී පැවසූයේ ඇතැම් ඇති හැකි රටවල් තමන්ගේ ජනතාවට වැඩි වැඩියෙන් එන්නත් ලබා ගැනීම සඳහා එන්නත් නිපදවන සමාගම් සමග “ඩීල් දැමීම තවමත් සිදුවන බවය.
ලෝකය පුරා ජනතාවට තම සංවිධානය විසින් සකස් කරගෙන ඇති ප්‍රමුඛතා පිළිවෙළ අනුව, සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් පුද්ගලයන්, වයස්ගත පුද්ගලයන්, අවදානම් සහගත ත්තත්වයන්හි පසුවන්නන් හට එන්නතත් ලබා දීමේ ප්‍රමුඛතාව හිමි විය යුතු බවත් විශේෂයෙන් රෝගය ව්‍යාප්ත වීමෙන් සහ බරපතල වීමේ අවදානම් කාණ්ඩ හරහා එය ව්‍යාප්ත වීම පාලනය නොකළොත් එක් රටක සම්පූර්ණ ජනගහණයට එන්නත් ලබා දුන්නද ඵලක් නොවන බව ඔහු එහිදී පෙන්වා දුන්නේය. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එන්නත් නිෂ්පාදනය සහ බෙදා හැරීම සඳහා පිහිටුවා ඇති කොවැක්ස් සංවිධාන එකඟතා අනුව සෑම රටක්ම ක්‍රියා කළ යුතු යයි හෙතෙම පෙන්වා දුන්නේය.
එසේම පසුගියදා ජී7 කණ්ඩායමේ ප්‍රබල රටවල් විසින් එන්නත් නිෂ්පාදනය සහ බෙදා හැරම සහ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් කොවැක්ස් වෙත ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 43ක මුදල පිළිබඳවද අගය කළ ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඔවුන්ගේ මෙම පරිත්‍යාග දුෂ්කරතා සහිත රටවල එන්නත්කරණය සඳහා විශාල රුකුලක් වනු ඇති බවද පෙනවා දුන්නේය. එසේ වුද එහිදී ද ඔහු අවධාරණය කළේ ඇති හැකි රටවල් එන්නත් සමාගම් සමඟ වැඩි තොග සඳහා ඩීල් දැමීම නොකළ යුතු බවය. එබැවින් එන්නත් නිෂ්පාදකයන් තනි තනි රටවල් පිළිබඳව නොව කොවැක්ස් එකඟතාව අනුව කොවැක්ස් පහසුකම වෙත වැඩි වැඩියෙන් එන්නත් ලබා දීමේ ප්‍රමුඛතා ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

Exit mobile version