කොරෝනා එක්ක රුසියානුවන් මාතර ආවේ මත්තල වැරැද්දකින්

කොවිඩ් බලධාරීන්වත් දැනුවත් කර නැති බව යුධ හමුදාපති කියයි

 

රුසියානු ගුවන් යානාවකින් පසුගිය 13 වැනිදා මත්තල ගුවන් තොටුපළට පැමිණි රුසියානුවන් පිරිසක් නිසි නිරෝධායන පිළිවෙත්වලින් තොරව මාතර පොල්හේනේ හෝටලයකට පිටත් කළ මත්තල ගුවන් තොටුපලේ ඒ මොහොතේ වැඩ බැලූ කළමනාකාරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. මෙම පිරිස අතර සිට කොරෝනා ආසාදිතයකු හඳුනා ගැනුණු අතර මෙම රුසියානුවන් භාන්ඩ ප්‍රවාහන ගුවන් යානාවක කාර්ය මණ්ඩල සාමාජිකයන් බවද මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපකි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ මත්තල ගුවන් තොටුපළ බලධාරීන් මෙම පිරිස පිළිබඳව කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බවයි. මේ තත්ත්වය හේතුවෙන් ඔවුන් සෞඛ්‍ය අංශවල කිසිදු නිරීක්ෂණයකට හසු නොවී මාතර හෝටලයේ නිදහසේ කල් ගත කර සිටි අතරේ ඔවුන් අතරින් කෙනකු ආසාදිතයකු බවට හඳුනාගෙන තිබේ. මේ සිදුවීම හේතුවෙන් ඊයේ (24) මාතර නගරයේද ජනතාව අතර අනවශ්‍ය කලබලයක් සහ නොසංසුන්තාවක්ද ඇති විය.

Exit mobile version