ලෝකය දිනන දරුවෙක් හදන්න දැනගත යුතු කරුණු 20ක්

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා-
එෂාමා කාරියකරවන –

ලෝකයේම වෙසෙන දරුවන් සහ වැඩිහිටියන් සමරනු ලබන්නේ එකම දිනකය. සෑම වසරකම ඔක්තෝබර් පළමුවනදාට එම දිනය යෙදෙයි. දරුවනුත් වැඩිහිටියනුත් එකම දිනයක සැමරීමේ අපූර්වත්වයක් තිබේ. සෑම වැඩිහිටියකුම කළෙක දරුවකු වී සිටියේය. එසේම සෑම දරුවකුම දිනක වැඩිහිටියකු බවට පත්වේ.

දශක දෙක තුනකට පෙර ළමා කාලයේදී මේ තරම් වෛවර්ණ විසිතුරු සෙල්ලම් බඩු, විසිතුරු පත පොත, පෑන් පැන්සල් තිබුණේ නැත. එහෙත් බොහෝ නිර්මාණශීලී සෙල්ලම් භාණ්ඩ දරුවෝ පරිසරය ඇසුරෙන් නිපදවා ගත්හ. එපමණක් නොව මේ තරම් විශාල විෂය නිර්දේශ, ගෙදර වැඩ, ටියුෂන්, තිබුණේද නැත. දරුවෝ උදය වරුවේ පාසල් ගොස්  සවස් වරුවේ මිතුරන් සමග අඳුර වැටෙන තුරු කෙළි සෙල්ලම් කළහ. දරුවන්ට තිබූ සීමිත සම්පත් පවුලේ සිටින අනෙකුත් සහෝදර සහෝදරියන් සමග බෙදාහදා ගැනීම කළ යුතු විණි. අඩුපාඩු තිබුණද ළමයකුට ළමයකු වී සිටීමේ නිදහස සමග සරල ප්‍රීතිමත් ලෝකයක් එකළ දරුවන්ට තිබුණී.  වර්තමානයේ දරුවන්ට, දරුවකුව නිදහස්ව ප්‍රීතියෙන් සිටීමේ නිදහස අඩුවී ඇත.

වර්තමාන දරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයකට සමබර ජීවිත නැත. ඔවුන්ගේ දවසින් වැඩි ප්‍රමාණයක් ගෙවෙන්නේ අධ්‍යාපනයටය. පාසැලෙන් ටියුෂන් පංතියටත් එතැනින් ගෙදරටත් එන දරුවා පාසැලෙන් සහ ටියුෂන් පංතියෙන් දෙන ගෙදර වැඩ කළ යුතුය. අධ්‍යාපනයටම අධිකව වෙහෙසුනත් දරුවාට උගන්නා දේ  නැවත ආවර්ජනය කර බැලීමට වේලාවක් නැත. බාලාංශයේ පටන් සමහර විට පෙර පාසැලේ පටන් දරුවන්ගේ තත්වය මෙයම වේ.


දරුවකු අනාගතයේ මව්පියන් ප්‍රාර්ථනා කරන දරුවා බවට පත්වීම සඳහා අවශ්‍ය සුදුසුම දේ ඔහුට ලබාදීම මව්පිය වගකීමකි. අධ්‍යාපනය යනු ඒ සුදුසු දේ අතරින් එකක් පමණි. පහත කරුණූ පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් මව්පියන්ටත්, දරුවාටත්, සමාජයටත් මහත් යහපතක් අර්ථයක් සිදු වෙයි.

දරුවා මෙලොව සිටින වටිනාම ජීවියා වේ. ඔහුගේ ළමා කාලය සුන්දර වූ තරමට , ප්‍රීතිමත් වූ තරමට , මිහිරි මතකයන්ගෙන් පිරුණු තරමට ඔහුගේ වැඩිහිටි විය ඉහළ පෞරුෂයකින් යුතු වේ.

එමනිසා සෑම විටම දරුවා සතුටින් ක්‍රියාශීලීව තැබීමටත් වගකීම් සහ යුතුකම් අතරේ හැසිරවීමටත් උත්සහ කරන්න. දරුවකුට සතුටින් සිටීමට මව්පියන් ධනවත්වීම කිසිසේත් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මව්පියන්ගේ නිසි ආදරය , ගෞරවය සහ ආරක්ෂාව පමණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔබ එය ලබා දෙන තරමට ඔබේ දරුවා ලෝකය ජයගනු ඇත.

Exit mobile version