J & K හි යූනියන් ප්‍රදේශයෙන් පෙනෙන සාර්ථකත්වය ගැන ඉන්දීය අධිකරණ ඇමති කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජම්මු හා කාශ්මීරයේ යූනියන් පළාත, (යූනියන් ටෙරිටරි) රජයේ යෝජනා ක්‍රමවල ප්‍රතිලාභ ලබාගෙන ඇති බවත්, සන්ධිස්ථානීය කාර්යයන් දැන් භූමියෙන් පෙනෙන බවත් මධ්‍යම නීතිය, අධිකරණ සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය අර්ජුන් රාම් මෙග්වාල් සෙනසුරාදා කියා සිටියේ ය.
මෙග්වාල් දින දෙකක සංචාරයක් සඳහා අනන්තන්ග් රාජුරි ලෝක් සභා ඡන්ද කොට්ඨාසයට දින දෙකක සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවක මේ බව පවසා තිබේ. මෙම සංචාරය අතරතුරදී ඔහු ජම්මු හා කාශ්මීර භාරතීය ජනතා පක්ෂයේ සභාපති රවීන්ද්‍ර රයිනා සමඟින්, ඔහ පූන්ච් හි මහජන රැලියක් අමතා ඇත. ඊට අමතරව ප්‍රතිලාභී සමුළුවකට සහභාගී වී ඇති අතර, බුද්ධා අමරනාත් පන්සල ද වැද පුදාගෙන රාජෝරි හා පූන්ච් දිස්ත්‍රික්කවල විවිධ ව්‍යාපෘති ආරම්භ කර තිබේ.
මෝදි රජයේ නව වසර සැමරීම සඳහා, පූන්ච් හි සංවිධානය කරන ලද මහජන රැලියක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ ‘නාව් සාල් බෙමිසාල්’ වැඩසටහන් යටතේ මධ්‍යම අමාත්‍ය හා භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මෝදි රජයේ ජයග්‍රහණ ඉස්මතු කිරීම සඳහා රටේ විවිධ පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාසවල සංචාරය කරමින් සිටින බවයි.

Exit mobile version