සතියක් තුළ  දඩයම්කරුවන්ගේ උගුල්වල කොටු වූ 03වන දිවියාගේ මලකඳ හමුවේ

සතියක් තුළ දඩයක්කාරයන්ගේ මදුවලට හසු වී සිට වාර්තා වුණු 03වන දිවියාගේ මල සිරුර අද (02) වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීහු  නෙලුවේ දී සොයා ගත්හ.

දඩයම්කාරයෙකුගේ මලපුඩුවකට හසුව මේ සතා මියගොස් සිටිනු හමුවූයේ නෙලුව හත්පිටිය පුද්ගලික ඉඩමකදී ය. දින කිහිපයකට පෙර මිය ගිය බව පෙනුණ මේ දිවියා පිලිබඳ තොරතුරු වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දන්වා තිබුණේ ප්‍රදේශයේ වන සංරක්ෂණ නිලධාරීන් විසිනි. දිවියාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) එම භූමියේ දී සිදු කෙරිනි.

සියවසකට ආසන්න කාලයකට පසු වාර්තාවුණු ලංකාවේ කලු දිවියා හැටන් නල්ලතන්නි ලක්ෂපාන වතු යායේ දී දඩයක්කාරයන්ගේ මලපුඩුවකට හසුව හමුවි ප්‍රතිකාර කරමින් සිටිය දී පසුගිය 29 දා මෙලොව හැර ගියේය . කළු දිවියා මිය ගිය දවසේම   යටියන්තොට ප්‍රදේශයේ දී තවත් දිවියෙකු උගුලකට හසු වූයේය.  එම දිවියාගේ ජීවිතයට  හානියක් වී නොතිබිණි. වනජීවි සංරක්ෂණ නිලධාරීහු ඌව නැවත ස්වභාවික පරිසරයට මුදා හැරියහ.


ශ්‍රි ලංකාවට ආවේනික දුර්ලභ සත්වයෙක් වූ ශ්‍රි ලංකා දිවියා (Panthera pardus kotiya), ලොව වෙසෙන දිවි උප විශේෂයකට අයත්වේ.  පුරා දශක දෙකක් ලංකාවේ දිවියන් ගැන පරීක්ෂණයක නිරත   ඇන්ජලී වොට්සන් වරෙක සී.එන්.එන් වෙබ් අඩවියට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ තම ගණන් තැබීම් අනුව දැනට ලංකාවේ දිවියන් 750 ත් 1000 ත් අතර ප්‍රමාණයක් ජීවත් වන බවය.  ලෝකයටම සිටින්නේ මේ දිවියන් ප්‍රමාණය පමණි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දඩයක්කාරයන්ගේ මලපුඩුවලට හසුව වැඩි වශයෙන් මිය යන්නේ කඳුකරයේ වෙසෙන දිවියන් බවත්, තමන්ගේ ස්වභාවික වාසස්ථානවලින් සියයට 70 පමණ ප්‍රමාණයක් අහිමි වීම නිසා ගොදුරු සොයා ඇදෙන දිවියන් මෙසේ අකාලයේ මිය යන බවත් මේ නීතිවිරෝධී දඩයම්කරුවන්ගේ අපරාධය වහාම වැළැක්වීටම නීතිමය පියවර ගත යුතු බවත් පරිසරවේදීහු පවසති.

Exit mobile version