පියුමිගෙන් අමතක නොවන තෑග්ගක්…

ජනප්‍රිය නිරූපණ ශිල්පී පියුමි හංසමාලිත්,  ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහත්, කැමරා ශිල්පී සේයා සංකල්ප ඇතුළු පිරිසක් එක්වී තරුණ යුවළක හැඩගන්වා පින්තූර ගොනුවක් සකසා ඒ තරුණ යුවලගේ හීනයක් ඉටු කළ   පුවතක් වාර්තා වේ.

ඉෂාර මදුසංකගේ බිරිඳට ඉන්දියානු ක්‍රමයට හැඩ වී මංගල ඡායාරූපයක් ගැනීමට හීනයක් තිබුණත් පවතින ආර්ථික අපහසුතා නිසා එය ඉටු කරදීමට නොහැකි වීම නිසා ඉෂාර සිටියේ  හිත් වේදනාවෙනි.

ඒ නිසාම පසුගිය අප්‍රේල් 12 වැනිදා ඉෂාර facebook සමූහයක තම බිරිඳ සමඟ සිටින පින්තූර සමගින් සටහනක් තබමින් කියා සිටියේ බිරිඳගේ හීනය සැබෑ කිරීමට photoshop මෘදුකාංගය යොදාගෙන තම පින්තූරය ඉන්දියානු මංගල ඇඳුමකින් හැඩගන්වා සකස් කරදෙන ලෙසයි.

ඒ අනුව ඔවුන්ට photoshop මඟින් මංගල ඡායාරූපයක් සකසා දුන්   පිරිසක්ද විය.


මේ දුටු පියුමි හංසමාලි එම යුවල සොයාදෙන ලෙස facebook සටහනක් මගින් ඉල්ලා සිටි අතර පියුමිට ඔවුන් සොයා ගැනීමට හැකි විය.

පුත්තලමේ ජීවත් වන ඉෂාර සහ ඔහුගේ බිරිඳ පියුමි විසින් කොළඹ ගෙනාවාය.

ඒ අනුව හැඩගැන්වීම් ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් මේ යුවල හැඩගන්වා තිබූ අතර   සේයා සංකල්ප විසින් කරන ලද අලංකාර පින්තුර සමූහයක්   අන්තර්ජාලයට ඊයේ (20) මුදාහැර තිබිණි.

ඔවුන්ගේ හීන ඉටු කර දුන් පියුමිටත්     චන්දිමාල් ජයසිංහ සහ සේයා සංකල්පටත් තවත් විශාල පිරිසකටත් ස්තූති කරමින් ඉෂාර facebook සටහනක් තබා තිබිණ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පියුමි හංසමාලි මේ යුවලට නිවසක් සාදා දීමටද පොරොන්දු වී තිබේ.

Exit mobile version