කෝලි ආයෙත් තාත්තා කෙනෙක්…

අමායා උඩුවැරැල්ල –

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ ඔහුගේ බිරිඳ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා දෙවන වරටත් මව්පිය පදවි ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.

2021 වසරේ දී උපත ලද ඔවුන්ගේ පලමු දරුවා දියණියක වූ අතර පසුගිය පෙබරවාරි 15 වනදා ඔවුන් පුතෙක් ලද බව ඔවුන් දෙදෙනාම තම සමාජ මාධ්‍ය පිටුවල සඳහන් කර තිබෙනවා.

විරාත් සහ අනුෂ්කා තම පුතා නම් කර ඇත්තේ අකායි ( Akaay ) යන නමින්. මෙම නම පිළිබඳව ද විවිධ අදහස් මාධ්‍ය තුළ පලවී තිබෙනවා.

කෙසේවුවත් දරු උපත පිළිබඳ දැනුම්දීමත් සමඟ ආලියා භාත්, රන්වීර් සිං, ශ්වේතා බච්චන් ඇතුළු බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ට සුභ පැතුම් එක්කර තිබෙනවා.


මේවනවිට පැවැත්වෙන ඉන්දියාව සහ එංගලන්තය අතර ක්‍රිකට් තරගාවලියෙන් විරාත් කෝලි හදිසියේ ඉවත් වූ අතර ඔහු දක්වා තිබුනේ පෞද්ගලික හේතුවක් මත තමාට තරගාවලියෙන් ඉවත්වීමට අවශ්‍ය බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු මෙසේ ඉවත් වන්නේ  අනුෂ්කා දරු ප්‍රසූතියට ආසන්නව සිටි නිසා බව දැන් අනාවරණය වී තිබෙනවා…

Exit mobile version