අගුලු දැමු විනෝදාස්වාද ක්ෂේත්‍රයේ දොරගුලු විවර කළ Drive In Concert

Restart Sri Lanka ආර්ථිකය යළි පණ ගැන්වීමේ වැඩපිළිවෙලේ අදියරක් ලෙස පසුගිය 30 දා නව ප්‍රසංග සංකල්පයක් අත්හදා බැලුණා. එය මේ වනවිට දර්ශන වාර ගණනාවක් පවත්වන්න සැලසුම් කරලා.  ප්‍රසංගයේ නම  “Drive In Concert“ ප්‍රසංගය නරඹන්නෙ තියෙන්නෙ තමන්ගෙ වාහනය තුළ ඉඳමින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ට අනුකූලවයි.

ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද කර්මාන්තය Covid 19 වසංගත තත්ත්වය හමුවේ බිඳවැටුණා. එය  යළි සක්‍රීය කිරීම සඳහා රජ්‍ය හා සෞඛ්‍ය අංශවලත් ආරක්ෂක හා සමාජ ආරක්ෂණ විධිවිධාන හා නියමයන්ට අනුකූලවත් ප්‍රසංගයක් පැවැත්විය යුතුවුණා.  “Drive In Concert   ඒ සම්බන්ධව කළ නිර්මාණාත්මක අත්හදා බැලීමක්.

ප්‍රසංගය සංවිධානය කරන්නේ දෙරණ මාධ්‍ය ජාලය සහ ඩයලොග් ආයතන භාතිය සන්තුෂ් සමඟ එකතු වෙලා. මම ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර ආදායම රජය මගින් අරඹා ඇති ‘ඉටුකම’ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරලා තිබුණා.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


භාතිය සන්තුෂ්, උමාරියා ඇතුළු තාරුණ්‍යයේ හද බැඳි ශිල්පීන් රැසක් මෙම ප්‍රසංග අවස්ථාවට සහභාගී වෙනවා.  ප්‍රසංගය සංගීතවත් වුණේ ඉන්ෆිනිටි සංගීතයෙන්.   ඡායා රූපවල දැක්වෙන්නෙ ඒ අවස්ථාව වින්දනය කළ රසික  පිරිසෙන් කොටසක්…

 

 

 

 

 

Exit mobile version