හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට සිරගත ව සිටින රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පවතින චෝදනා හෝ ඔහු ගෙන් නළු නිළියන්ට හෝ වෙනත් කලාකරුවන් වෙත සිදුවූ අකටයුතුකම් පිළිබඳ ව හෙළි කළ හැකි දේශපාලකයන් හෝ කලාකරුවන් වෙත මුදල් ඇතුළු වරප්‍රසාද ලබාදී ඔහුගේ චරිතය අපකීර්තියට පත් කිරීමේ මෙහෙයුමක් එක්තරා මාධ්‍ය ආයතනයක ප්‍රධානියකු විසින් ආරම්භ කරනු ලැබ ඇතැයි ලංකාසර ට වාර්තා වේ.
මෙම මාධ්‍ය ආයතන ප්‍රධානියා විසින් තම ගෝලබාලයින් හරහා කලා ක්ෂේත්‍රයේ හෝ දේශපාලන ක්ෂේත්‍රයේ රන්ජන් රාමනායකට එරෙහිව අදහස් දැක්විය හැකි පුද්ගලයින් හඳුනා ගැනීමේ මෙහෙයුමක් අරඹා ඇති අතර ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන් හරහා මාධ්‍ය මඟින් ප්‍රචාරය ලබා දී පොදු ජනතාව අතර රන්ජන් රාමනායක දුෂ්ට පුද්ගලයකු බවට ප්‍රතිරූපයත් සමාජගත කිරීම බව වාර්තා වේ. එවැනි කටයුත්තකට පිවිසෙන කලාකරුවන්ට සහ දේශපාලකයන්ට විවිධ වරප්‍රසාද ලබා දෙන බවටද ව්‍යංගයෙන් ඔවුවන් පොරොන්දු වි ඇති අතර මේ වනවිටත් එවැනි ආරධනා ලැබුණු කලාකරුවන් සහ දේශපාලකයන් කිහිප දෙනකුම මෙම යෝජනාව ප්‍රතික්ෂේප කිරිමට හෝ ඒ පිළිබඳව නිහව සිටීමට කටයුතු කර ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version