“හිරු ස්ටාර්“ උදාර පිළිගන්න අහුන්ගල්ලට රසිකයෝ රොක් වෙති…

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

හිරු ස්ටාර්ස් රියැලිටි තරගයේදී ජයග්‍රහකයා වූ අහුන්ගල්ලේ උදාර කෞශල්‍ය පිළිගැනීම අද (21) පෙරවරුවේ දී අහුන්ගල්ලේ දී සිදුකෙරිණි.

බෙන්තර ගග අසලින් ඇරඹි මෙම පිළිගැනීමේ අවස්ථාවන් ගාලුපාරේ විවිධ ස්ථානයන්හි පැවැත්විණි. ඉදුරුව, කොස්ගොඩ, අහුන්ගල්ල, බළපිටිය ප්‍රදේශයන්හි විශාල වශයෙන් ජනතාව ගාලු පාරට එක් රැස් වී උදාර පැමිණෙන තෙක් රැස් කකා සිටියහ. පිළි ගැනීම් පැවති සෑම ස්ථානයකදීම උදාර, ගීතයක් ගැයීමටද අමතක නොකලේය.

හිරු රූපවාහිනී නාලිකාව මගින් සංවිධානය කරන ලද හිරු ස්ටාර්ස් රියැලිටි වැඩ සටහන ඊයේ (20) රාත්‍රියේදී පැවැත්විණි.  


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බෙන්තර සිට අහුන්ගල්ලට මහත් හරසරින් රථ පෙළපාලියකින් පැමිණි උදාර කෞෂලයය මහජනතාව විසින් පිළිගත් අයුරු, ජයගහණය කළ මෝටර් රථය ප්‍රදර්ශනය සහ අහුන්ගල්ල, බළපිටිය ප්‍රදේශයේ විවිධ අවස්ථාවන් ඉහත ඡායාරූප වල දැක්වේ.

 

 

  

Exit mobile version