ෂර්ලි සමරසිංහගේ “පියාඹන්න ආයෙත්“ මාධ්‍ය දර්ශනය දා…

තිර රචකයෙක්, නිෂ්පාදන කළමනාකරුවෙක් සහ සහාය අධ්‍යක්ෂණයෙන් සිනමාවේ විවිධ ඉසව් සොයා ගිය නිර්මාණකරුවෙක් වූ ෂර්ලි සමරසිංහ ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වූ ‘පියාඹන්න ආයෙත්’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගිය දා කලම්ඹු සිටි සෙන්ටර් හී ස්කෝප් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය විය.

වේදිකා නිර්මාණ රැසකටද සිය දායකත්වය සැපයූ ෂර්ලි කෙටි චිත්‍රපටයක් ද අධ්‍යක්ෂණය කරමින් වරෙක සම්මානයටද පාත්‍ර විය.

යූ. ඒ’ පල්ලියගුරු නිෂ්පාදනයෙන් නිර්මාණය වූ පියාඹන්න ආයිත් චිත්‍රපටයේ චරිත ද්විත්වයට රංගනයෙන් එක් වන්නේ ජනප්‍රිය රංගන ශිල්පි කළණ ගුණසේකර සහ චමත්කා ලක්මිණි යි.


ෂර්ලි සමරසිංහගේ පියාඹන්න අයෙත් මාධ්‍ය  දර්ශනය දා…

ශර්ලි සමරසිංහ
කළණ ගුණසේකර
තිලිණි කෞෂල්‍යා, ටානියා මෝසස්, යශෝධා රසඳුනී, විසාකේස චන්ද්‍රසේකරම්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඡායා රූප – කනිෂ්ක සිල්වා

Exit mobile version