විණ්ඩි ගුණතිලක… “අයියෝ සාමි” සමග යළිත් අපව ලෝකයට අරන් යයි! … එන්න ඇවිත් අහලා යන්න…

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards ) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023 ) හිමි සම්මානය හිමි කරගත් වින්ඩි ගුණතිලක ඊයේ ( 26) දිවයිනට පැමිණියාය.

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන සම්මාන උළෙලකි.    සම්මාන උළෙල  ඉකුත් 24 දින ඉන්දියාවේ චෙන්නායි නුවර දී පැවැත්වුනේය

චපල ස්වාමි පුරුෂයා නිසා සිය ජීවිතය ව්‍යසනයට ලක් වූ තරුණ බිරියකගේ සංවේදී කථනයක් ලෙස නිර්මාණය වන මේ  ශ්‍රී ලාංකේය ද්‍රවිඩ ගීතයේ පද රචනය පොතුවිල් අස්මීන් නැමැති තරුණ නිර්මාණකරුවෙකුගේ ය.  සංගීතය නිර්මාණය කරන්නේ සනුක වික්‍රමසිංහය. මෙම ගීතය ජාත්‍යාන්තර ගීත දර්ශකවල ඉහළටම පැමිණි ලාංකේය නිර්මාණයක් වූයේය. ඒ “මැණිකේ මගේ හිතේ “ ගීතයෙන් පසුය.

මේ මියුරු ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක යනු රූකාන්ත – චන්ද්‍රලේඛා යුවලගේ කනිටු කියණිය ය.  සනුක වික්‍රමසිංහ ප්‍රකට සංගීතවේදී  සගීත් වික්‍රමසිංහගේ පුතනුවන්ය.


රූකාන්ත, චන්ද්‍රලේඛා සහ සංගීත් සිය සහජාත දරුවන්ගේ වික්‍රමය දැක ගැනීම සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවරට ගොස් තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අයියෝ සාමිනී ගීතය විඳින්න එන්න…

Exit mobile version