වරෙක ක්‍රිකට් ලෝලින් කැළඹූ තරුණ නිරූපිකාව, පූනම් පාණ්ඩේ  දිවි සැරිය නිම කළ හැටි!

පූනම් පාණ්ඩේ සිය කෙටි දිවි සැරිය නිමා කර තිබේ. ගැබ් ගෙල පිළිකාවක් හේතුවෙන් ඊයේ අවසන් ගමන් යනවිට ඇය 32 හැවිරිදි වූවාය.

ඉන්දියාවේ ප්‍රකට නිරූපිකාවක මෙන්ම චිත්‍රපට නිලියක ලෙසත් නිරුවත් දර්ශන  සඳහා පෙනී සිටීම හේතුවෙන් ඉන්දියාව තුළ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කර බන්ධනාගාරගත වූ තරුණියක ලෙසත් ඇය ගැන බොහෝ දෙනා දැන සිටියේය.

අප පූනම්ව දැන සිටියේ වෙනත් ආකාරයකටය. වර්ෂ 2011 මතක ලෝක කුසලාන අවසන් මහා තරගය මතක ඇතිවාට සැක නැත. අවසන් මහා තරගයට තරග වැදුනේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායමය. වෙන්කඩේ ක්‍රීඩාංගනයේ දී  ඉන්දියාව ලෝක කුසලානය දිනා ගතහොත්   ප්‍රසිද්ධියේ නිරුවත් වන බවට ප්‍රකාශයක්  කර මහත් අවධානයට ලක් වූ නිරූපිකාව ඇයය. ඒ වනවිට ඇයගේ වසය අවුරුදු 20කි. ඉන්දියාවේ ඉහළම නිරූපිකාවන් 09 දෙනා අතරට තේරී සිටි තරුණියකි.

ඒ වනවිට ඇය සිය අඩනිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගනිමින් සිටියාය. ඒ නිසාම පූනම් පාණ්ඩේ වැඩි දෙනෙකුගේ අවධානයට ද ලක් වූවාය.


ෙපූනම් ගේ ඔට්ටු මහා සංවාදයක් ක්‍රිකට් ලෝකයේ ඇති කරන්නේ වර්ෂ 2011 දී   ඉන්දියාව ඇත්ත වශයෙන්ම ලෝක කුසලානය ජයග්‍රහණය කළ පසුය. ඇය ප්‍රසිද්ධියේ නිරුවත් වීමේ අභිලාෂයෙන් සිටියාය. එහෙත් ඇයට එරෙහිව ප්‍රබල ජනතා විරෝධයක් මතු විය. ඇයට ඇයගේ පොරොන්දුව ඉටු කිරීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය ද ඉඩ දුන්නේ නැත.

කෙසේ වෙතත් පූනම් පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කළේ රාත්‍රියේ වැන්කඩේ ක්‍රීඩාංගනයේ නිරුවතින් සිටිනා වීඩියෝවත්    සිය ජංගම  යෙදුමට උඩුගත කිරීමෙනි.

අනතුරුව වර්ෂ 2012 දී, කොල්කටා නයිට් රයිඩර්ස් IPL 5 ජයග්‍රහණය කිරීමෙන් පසු එම කණ්ඩායමේ ජයග්‍රහණ ප්‍රාර්ථනා කළ පූනම් යළිත් වරක්  නිරුවතින් පෙනී සිටියාය. කෙසේ වෙතත් ඇයගේ මෙම වීඩියෝ උඩුගත කළ ජංගම යෙදවුම ගූගල් Play Store හි දියත් කිරීම  Google විසින් එය තහනම් කර තිබිණි.  පූනම්  මිට පෙම්වතා සමඟ ලිංගිකව හැසිරෙන වීඩියෝවක් ද  Instagram වෙත උඩුගත කර   පසුව ඇය මකා දමා තිබිණි.

නිරූපිකාවක ලෙස ජීවිතය පටන් ගත් ඇය ඉන්දීය චිත්‍රපට 05කට සහ ප්‍රධාන ටෙලි මාලා නාට්‍ය 03කට රංගනයෙන් දායක වූවාය.

ඇය ඉන්දියාවේ සම්ප්‍රදායික කාන්තා ජීවිතයට අභියෝග කළ තරුණියකි.  ඇය උපත ලබන්නේ    කාන්පූර්හි පවුලක ය. පූනම් නව යොවුන් වියේදීම නිරූපිකාවක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. කෙටි කලකින්ම පූනම් රටේ ප්‍රමුඛ විලාසිතා නිරූපිකාවක වූවාය.

පාන්ඩේ ගේ විවාහ වන්නේ වර්ෂ 2020 සැප්තැම්බර් මස 01 වැනිදාය. ඒ සිය දිගුකාලීන පෙම්වතා වූ සෑම් බොම්බේ සමගය. එම විවාහය දින 10කට සීමා වන්නේ පාන්ඩේට එරෙහිව හිංසනය ක්‍රියාත්මක කළ බවට චෝදනා කරමින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැමියා වූ බොම්බෙ අත් අඩංගුවට පත් වීමෙනි.

ඊට නොබෝ දිනකට පසු එනම් 2020 නොවැම්බර් මස 05 වැනිදා නිරුවත් වීඩියෝවක් රූගත කිරීම සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත් විය. ඉන් ටික දිනකට පසු කාමුක චිත්‍රපට සඳහා පෙනී සිටි බොලිවුඩ් තරු වැලක් පිළිබඳව හෙළි වූයේය.  ඇය අත් අඩංගුවට පත්වීමේ අවදානමෙන් මිදුනේ ඉන් අනතුරුවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ජීවිතයේ අනියත බව කියා දී මේ තරුණ නිරූපිකාව දිවි සැරිය නිමා කර ඇත.  පූනම් පාන්ඩේ නිස්සාර ජීවිතය ගැන පාඩමක් කියා දී ගිය නිමිත්තක් ලෙස පමණක් ටික කාලයක් අප මතකයේ රැඳී ඉක්මනින්ම අමතකවනු ඇත.

Exit mobile version