යොහානිගේ ප්‍රසංග දෙකක් ඉන්දියාවේ..

yohani1

 තිළිණි ද සිල්වා –

ඉන්දියාව තුළ අතිශය ජනප්‍රිය වූ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වාගේ ප්‍රසංග දෙකක් ලබන 30 වැනිදා සහ ඔක්තොම්බර් 03 දා ඉන්දියාවේ නවදිල්ලියේ ගුරුග්‍රෑම් සහ හයිද්‍රාබාද් හි පැවැත්වීමට කටයුතු සංවිධානය වී තිබේ.

කෝටි 11 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඇය ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය  වූවාය.

30 වැනිදා ගුරුග්‍රෑම් හී ස්ටූඩියෝ එක්ස් ඔ හිදීත් , ඔක්තෝබර් 03 වැනිදා හයිද්‍රාබාද්හී හාට් කප් අවහන්හලේදී මෙම සංගීත ප්‍රසංග දෙක පැවත්වෙන බව ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමන් මේ බව පවසන්නීය.


සැම විටම ඉන්දියාවේ ප්‍රසංගයක් පැවැත්වීමට තමාට අවශ්‍ය වූ බවත් , අවසානයේ එය සිදු වූවා යැයි තමාට විශ්වාස කළ නොහැකි යැයිද ඇය එම සටහනේ වැඩිදුරටත් සදහන් කර ඇත.

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ ප්‍රතිනිර්මාණය කෙරෙහි ඉන්දීය ජනතාව දැක්වූ ආකර්ශනය තමාට තවමත් අදහාගත ‌ෙනාහැකි කාරණයක් බවද ඇය කියා සිටින්නීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප-

Exit mobile version