මත්ද්‍රව්‍ය ව්‍යසනයේ ගොදුරක් වූ ඉන්දියාවේ  “තරු ළමයා “ ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි ඉල්ලයි!

මේ වනවිට ඉන්දියාවේ වැඩිම අන්තර්ජාල පුවත් මවන්නා බවට පත් වී ඇතැයි අන්තර්ජාල වර්තා විසින් තහවුරු කරන,  පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්, තම ඇප   කොන්දේසි ලිහිල් කරන ලෙස බොම්බාය මහාධිකරණයෙන් ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා  කරයි.

ආර්යන් ඔක්තෝම්බර් මාසයේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන සති දෙකක පමණ කාලයක් සිරගත කරන ලදී.   පසුව ඔහුට සතිපතා සෑම සිකුරාදාවකම  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය  කාර්යාලයේ පෙනී සිටිය යුතුය යන  කොන්දේසි සහිතව  ඇපයක් ලබා දෙන ලදී.

නිදහස් වී මාසයකට පමණ පසු, ආර්යන්ගේ නීතීඥයින් එහ කොන්දේසිය ලිහිල් කිරීමට උත්සාහ කරන්නේ විමර්ශනය  දිල්ලි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ   විශේෂ විමර්ශන කණ්ඩායමක් වෙත මාරු කර ඇති බැවින් යැයි එම වාර්තා කියයි.


“තරු ළමයා“ අධිකරණයේ පෙනී සිටින සෑම අවස්ථාවකම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කාර්යාලයෙන් පිටත මාධ්‍ය රැස්වීම හේතුවෙන් සතිපතා පැමිණීම සඳහා දැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව ද පෙත්සමේ සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බොම්බේ මහාධිකරණය ලබන සතියේ ආර්යන්ගේ පෙත්සම විභාග කිරීමට බලාපොරොත්තු වේ.

Exit mobile version