පෙරාදෙණිය උපාධි උළෙල රනින් බැබළවූ සංගීත විශාරද දොස්තර කෙල්ල….

නිපුනි තාරකා කළුආරච්චි...

වසර 2020 දී උපාධිය අවසන් කළ සිසුන් සඳහා උපාධි ප්‍රදානය කිරීමේ උත්සවය අද (30) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරයේදී පැවැත් විණි.  එහිදී සියලු අංශවලින් විශිෂ්ට දක්ෂතා දක්වන සහ මෙතෙක් දක්ෂතා දැක්වූ සිසුවකු සඳහා රන් පදක්කමක් පිරිනැමීමේ සම්ප්‍රදායක් විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වූ අද දින එම රන් පදක්කම හිමිකර ගනු ලැබුයේ නිපුණි තාරකා කළුආරච්චි සිසුවියය.

ඇය වෛද්‍ය පීඨය සිසුවෙකි.

අධ්‍යයන කටයුතු වලදී මෙන්ම විෂය භාහිර ක්‍රියාකාරකම් ඇතුළු සියලු අංශ වලින් ඇය දැක්වූ විශිෂ්ට කුසලතා සැලකිල්ලට ගනිමින් ඇයට මෙම රන් පදක්කම පිරිනමා තිබේ.


මෙම රන් පදක්කමට අමතරව ශල්‍ය අංශ අධ්‍යයන කටයුතු වලදී දැක්වූ දක්ෂතා අගයමින් පිරිනමන සම්මානයද මෙවර හිමිව තිබෙන්නේ ඇයටය.

වෛද්‍ය සිසුන් අන්තර් ජාලය හා බද්ධව සිටීමෙන් ඔවුන් ගේ මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් වන්නේ කෙසේද යන්න සම්බන්ධව ඇය ඇතුළු කණ්ඩායමක් විසින් පරීක්ෂණයක ද නිරතව ඇත.

සංගීත විශාරද අවසන් අදියරේ අධ්‍යයන කටයුතු වල නිරතව සිටින ඇය තිරගත වීමට නියමිත අජිත් ධර්මසූරියගේ වර්ණ නැමැති චිත්‍රපටයේ පසුබිම් ගීත දෙකක් ද ගායනා කර තිබේ.මෙයට අමතරව ගොවි තාත්තා චිත්‍රපටයද නිපුණු ගායනයෙන් එක්ව ඇත.

 Nipuni-Tharaka
විශාරද සමන්ත පෙරේරා සමග පටිගත කරීම….

මේ වනවිට ඇය ස්වතන්ත්‍ර ගීත 16 ක් පටිගත කර තිබේ. පීඨ මට්ටමින් 2019 වසරේ පැවැති ගායනා තරඟයේදී ඒකල ගායනා අංශයෙන් ප්‍රථම ස්ථානයත් ජන ගායනා අංශයෙන් තෙවන ස්ථානයත් නිපුණි දිනා ඇත. වර්ෂ 2019 වෛද්‍ය පීඨ තරඟාවලියේදී නෙට්බෝල් හා වොලිබෝල් තරඟ වලටද ඇය සහභාගි වෙමින් දක්ෂතා ප්‍රකට කර තිබේ

ශිෂ්‍ය සාහිත්‍ය උත්සව සංවිධාන මණ්ඩලයේ සමාජිකාවක වන නිපුණි විශ්ව විද්‍යාලීය බෞද්ධ සහෝදර සංගමයද නියෝජනය කරයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 2013/14 කණ්ඩායමේ ප්‍රථම දෙවසරේ කණ්ඩායම් නායිකාව ලෙසද ඇය කටයුතු කර තිබේ.

වයස අවුරුදු 12 දී දෙරණ ලිට්ල් ස්ටාර් තරඟයට 2007 වසරේදී සහභාගි වූ ඇය එහිදී ගායන අංශයේ සිව්වන ස්ථානය දිනා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිපුනි තාරකා කළුආරච්චිගේ ගීයක්..

Exit mobile version