ප්‍රසංග වේදිකාව සරසන අයෝමිගේ ‘මුහුදු රැල්ල‘

අයෝමි පෙරේරා ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක්. 2012 වසරේදී රණවිරු රියල්  ස්ටාර් දෙවැනි  අදියරේ කිරුළ දිනූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බළකායේ කෝප්‍රල්වරියක් වන ඇය මෑත කාලයේ ප්‍රසංග වේදිකාවේ කාර්යබහුලතම ගායිකාවක් බවට පත් වෙලා.

අයෝමි පෙරේරා

මේ වනවිට ගී නිර්මාණ දහයක පමණ හිමිකාරිනියක වන අයෝමිගේ ජනප්‍රියතම ගීතය වන්නේ ‘මුහුදු රැල්ල දඟ කරද්දී‘ ගීතය බව ඇය කියනවා.

ප්‍රේමයේ විරහව ගැන කියැවුණු ගීතයක් වුණත් වේග රිද්මයේ ශෛලියෙන් හැඩගැන්වුණු නිසාම ප්‍රසංග වේදිකාවේදී මේ ගීතයට ලැබෙන ඉල්ලුම වැඩි බවයි අයෝමි කියන්නේ.

‘ප්‍රසංග වේදිකාවටම තමයි මේ ගීතය ගැළපෙන්නේ. ගීතය ලිව්වේ මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ්. අශෝක කෝවිලගේ තනු නිර්මාණයයි සංගීතයයි දෙකම හරි ලස්සනට කළා. තනුවයි ගී පදවැලයි රසික රසිකාවියන් ආදරයෙන් වැළඳ ගත්තා.‘ අයෝමිගේ මිහිරි හඬ ගීතය තවත් වර්ණවත් කිරීමට දායකවීම සාර්ථකත්වයට හේතු වන්නට ඇති.


‘මුහුදු රැල්ල දඟ කරද්දී කොළඹ අහස ලස්සනයිද
විසේකාර මල් දකිද්දී මා ගැන අමතක වූවාද

තරුත් එක්ක මුතු අමුණාලා මාල හදා දෙනවා කීවා
පාට හතෙන් මල් තෝරාලා කැලනි යන්න එනවා කීවා
මා ළඟින්ම දැවටි දැවටි වරු ගණන් ඔයා
මුළු ජීවිතේම හැබෑ නොවන හීනයක් කළා

කන්ද උඩින් හඳ පායාලා ගම්මානෙම එළිය කරනවා
ඔබ එනතුරු ඇස් දල්වාලා හිත් පොඩිත්ත කළුවර වෙනවා
මා ළඟින්ම දැවටි දැවටි වරු ගණන් ඔයා
මුළු ජීවිතේම හැබෑ නොවන හීනයක් කළා

මුහුදු රැල්ල ගීතයට අමතරව ඇය විසින් ගයනු ලැබූ ‘හිතක තියෙන ආදරේ තරම්‘ රෑනේ ඉගිලිලා යන්න  ගියේ නෑ, වැස්ස තුරල් වනතුරු, මගේ හිතේ නවතින්න ඇගේ ගීත අතුරින් ජනප්‍රියතම ගීත බවට පත් වෙලා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිනමාවටම උචිත හඬකට හිමිකම් කියන අයෝමි මේ වන විට චිත්‍රපට විස්සකට පමණ පසුබිම් ගී සඳහා දායකත්වය සපයා තිබෙනවා. ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් ද වෙනවා.

Exit mobile version