ඩුබායි යන්න ගිය ජැකලින්ට මුම්බායි ගුවන් තොටේදී කරදරයක්

සංදර්ශනයක් සඳහා විදේශගත වීමට ගිය බොලිවුඩයේ ජනප්‍රිය ශ්‍රි  ලාංකික රංගන  ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් ඊයේ (05) මුම්බායි ගුවන් තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් විසින් නවතා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඊට හේතු වී ඇත්තේ ඇයට රටින් පිටවීමේදී සෝදිසි කරන ලෙස ඉන්දීය විමර්ශණ බලධාරීන් විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයකට අනුවය.

කුප්‍රකට කප්පම්කරුවකු සහ වංචනිකයකු ලෙස ප්‍රසිද්ධ  සුකේෂ් චන්ද්‍රසේකර් ට එරෙහිව පවතින මූල්‍ය විශුද්ධිකරණ නඩුවකට ඇයද පටැලවීම මේ නියෝගය නිකුත්  කිරීමට හේතු වී ඇත.  ජැකොලයින්  සංදර්ශනයක් සඳහා ඩුබායි බලා යාමට ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ මෙසේ ඇයව නවත්වා තිබුණද පසුව අදාළ කෙටි ප්‍රශ්න කිරීම්වලින් පසු ඇයව නිදහස් කර ඇති අතර ඇයට දිල්ලි නුවර විමර්ශන ඒජන්සිය ඉදිරියේ පෙනී සිටිය යුතු බව දන්වා ඇත.

කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවේ  සුරේෂ් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසට එරෙහිව විමර්ශන ඒජන්සිය දිල්ලි අධිකරණයට චෝදනා පත්‍රයක් ගොනු කර ඇති අතර, ඔහු තිහාර් බන්ධනාගාරයේ රඳවා සිටියදී ව්‍යාපාරිකයෙකුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 200 ක මුදලක් කප්පම් ගත් බවට චෝදනා පවතී.


මීට අදාළ විමර්ශණවලදී හෙළිව ඇත්තේ  චන්ද්‍රසේකර්ගෙන් ජැකොලයින් වෙත  මූල්‍ය ගනුදෙනු සිදුව ඇති බවයි. එමෙන්ම  චන්ද්‍රශේකර් විසින් ෆර්නැන්ඩස් මහත්මියට  ලබා දී ඇති රුපියල් කෝටි 10ක තෑගි අතර රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු සහ රුපියල් ලක්ෂ 9ක් වටිනා පර්සියානු බළලෙකු සිටින බව චෝදනා පත්‍රයේ සඳහන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සුකේෂ්ගෙන් ජැකලින් වෙත අපරාධ සම්බන්ධව ලැබුණු බව කියන මුදල් පිළිබඳ විමර්ශන තවමත් පවතින අතර, ඇයගෙන්  නැවත ප්‍රශ්න කිරීමට නියමිතය.

Exit mobile version