එක්සත් රාජාධානි ජාතික රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම රංගනය සඳහා නිම්මි හරස්ගම නම් කෙරේ..

විශ්මිත නළු නිළියන් පිරසක් අතරට නම් කිරීමත් සතුටක්... නිම්මි කියයි..

2021 එක්සත් රාජධානියේ ජාතික රූපවාහිනී සම්මාන උළෙලේදී හොඳම රංගනය සඳහා වූ සම්මානයට එක්සත් රාජධානියේ ජීවත්වන ශ්‍රී ලාංකික රංගන ශිල්පී නිම්මි හරස්ගම නම් කර තිබේ.

එම සම්මානය සඳහා නිම්මි හරස්ගම නම් වී ඇත්තේ ඔලිවියා කොල්මන්, ගිලියන් ඇන්ඩර්සන්, හියු ලෝරි, ටහාර් රහීම් සහ ජෙනා කොල්මන් වැනි ක්ෂේත්‍රයේ සම්භාවනීය විශිෂ්ටයන් සමගය.

Nimmi-Harasgam
නිම්මි හරස්ගම THE GOOD KARMA HOSPITAL හි හෙදියගේ භූමිකාව රඟ දක්වමින්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ITV ටෙලි නාට්‍ය මාලාවේ Good Karma Hospital ටෙලි නාට්‍යයේ මාරි රොඩ්‍රිගුස් නැමැති හෙදියගේ චරිත නිරූපණය වෙනුවෙන් නිම්මි මෙම සම්මානයට නම් වී තිබේ.

ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් නිම්මි පවසා තිබුණේ “එවැනි විස්මිත රංගන ශිල්පීන්ගේ ලැයිස්තුවකට ඇතුළත් වීම සතුටක් බවය. මෙසේ නම් කිරීම ගැන තමන් අතිශය සතුටට පත් වී සිටින බවය.

Exit mobile version