98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාව දෙසැම්බරයේ….

98 වැනි  ජාතික මලල ක්‍රීඩා තරගාවලිය   ලබන දෙසැම්බර් මස 4 සහ 5 දෙදින තුළදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීම තීරණය කර තිබේ.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට මුල්තැන දෙමින් මෙම තරගාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සාකච්ඡා කර ඇත.  නිරෝධායන නීති රකිමින්  තරගාවලියේ තේරිම් තරග පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමය කටයුතු යොදා තිබේ.

තරගාවලියේ තේරීම් තරග ලබන ඔක්තෝම්බර් මස 23, 24 සහ 25 තෙදින තුළදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව තිබේ. ජාතික තේරීම් තරගාවලියේ ඉදිරියට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2021 වසරට අදාළ ජාත්‍යන්තර තරගාවලි සඳහා ජාතික සංචිතයට ඇතුළත් කිරීමට නියමිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලබන වසරේ පාකිස්තානයේ දී 14 වැනි සාග් ක්‍රීඩා උළෙල  පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එය ලාහෝර් නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. මීට අමතරව ටෝකියෝ ඔලිම්පික් උළෙල ද ලබන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතය.   එම තරගාවලි සඳහා ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ ප්‍රධාන තරගාවලිය වශයෙන් ජාතික මලල ක්‍රීඩා තරගාවලිය හැඳින්විය හැකිය.

Exit mobile version