ඔස්ට්‍රේලියානුවො පළමු එක් දින තරගයෙන් කඩුළු 02ක ජයක් ලබති….

ඔස්ට්‍රේලියාව කඩුළු 02ක තියුණු ජයග්‍රහණයක් ලැබුවේය. ඒ ජයග්‍රහණය දෙපසටම දෝලනය වෙමින් තිබූ තරගක අවසන් හඹා යෑමේ ඉලක්කය පහසුවෙන් ලබා ගනිමිනි. පන්දු 09ක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියානුවෝ අවසානයේ දී ඉලක්කය අත්පත් කරගත්හ.

පල්ලකැලේ දී අද (14) ප්‍රේක්ෂකයෝ ආකර්ෂණීය තරගයක් නැරඹූහ. කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඔවුහු මුලින්ම පන්දුවට පහර දීම තේරූහ.

ඔස්ට්‍රේලියාවට ලැබුණේ ලකුණු 301ක පහසු නොවන ඉලක්කයකි. ඒ ඉලක්කය වර්ෂාව ඇද හැලීමත් සමග තවත් තියුණු විය. ඩක් වර්ත් ලුවිස්  න්‍යායට අනුව  ජයග්‍රහණය පන්දු ඕවර 44ක දී ලකුණු 282 තෙක් ලඝු විය.

ඔස්ට්‍රේලියාවෙන් ගිලිහී යමින් තිබූ තරගය ග්ලෙන් මැක්ස්වෙල් විශිෂ්ට ලෙස නිසි මගට ගත්තේය. ඔහු පන්දු 51 තුළ නොදැවී ලකුණු 80ක් ලැබුවේය.  එය කදිම පිතිකරණයකි.


ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ස්ටීවන් ස්මිත්  පන්දු 60 ක දී ලකුණු 53ක්, ආරොන් ෆින්ච් පන්දු 41ක දී ලකුනු 44ක්, මාර්කස් ස්ටොනික් පන්දු 31ක දී ලකුණු 44ක් ලැබූහ.  විශිෂ්ටම පන්දු යැවීම වනිඳු හසරංග ගේ ය. ඔහු පන්දු ඕවර 9 තුළ ලකුණු 58කට කඩුළු 04ක් බිඳ හෙළුවේය.  අද එක්දින වරම් ලද දුනිත් වෙල්ලාලගේ පන්දු ඕවර 7ක් යවා ලකුණු 49කට කඩුළු 02ක් බිඳ හෙළුවේය. මහීෂ් තීක්ෂන පන්දු ඕවර 8ක් යවා ලකුණු 51කට කඩුල්ලක් බිඳ හෙළුවේය.

කුසල් මෙන්ඩිස්..

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිට පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 300 ක් ලබා ගත්තේය.

ඔස්ට්‍රේලියානු  කණ්ඩායමට  ලකුණු 301 ඉලක්කයක් හිමි වී තිබිණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන්  විශිෂ්ට ආරම්භයක් ලබා ගත් පැතුම් නිශ්ශංක සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩල්ල වෙනුවෙන් ලකුණු 115ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.  ධනුෂ්ක ගුණතිලක මුල් කඩුල්ල ලෙස ලකුණු 55කට දුවද්දී දැවී ගියේය. ඔහු පන්දු 53ක දී සිය ලකුණු 55 වාර්තා කළේය.

පැතුම් නිශ්ශංක පන්දු 68ක දී ලකුණු 56ක්, කුසල් මෙන්ඩිස් පන්දු 87ක දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමග ලකුණු 86ක් චරිත් අසලංක පන්දු 42ක දී ලකුණු 37ක් වනිඳු හසරංග හතරේ පහර 6ක් සමග පන්දු 19ක දී ලකුණු 37ක්  ලබාගෙන තරගය  ගෞරවාන්විත ඉලක්කයක් වෙත රැගෙන ගියහ.

පන්දු යැවීමේ දී  ජොස් හසෙල්වුඩ්, ජේයි රිචඩ්සන්, එක කඩුල්ල බැගින් ද, ඇෂ්ටන් ආගර් සහ මානස් ලෙබුස්චාග්න් කඩුළු දෙක බැගින්ද බිඳ හෙළූහ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ග්ලෙන් මැක්වෙල්ගේ විශිෂ්ට පිති හරඹය ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කළේය. ඔහු අවසන් පන්දු දෙකට හයේ පහර දෙකක් එල්ල කරමින් දුෂ්මන්ත චමීර පලවා හැරියේය.  පන්දු 51 දී ඔහු ලබා ගත් විශිෂ්ට ලකුණු 80ත් සමග පන්දු 09ක් ඉතිරිව තිබිය දී  ඔස්ට්‍රේලියානුවෝ ඉලක්කය ලබා ගත්හ.

Exit mobile version