2017 දී කෝටි ගණන් පිලලි ගැසූ ටී.10 තරගාවලියක් ගැන අවිශ්ක හෙළි කරයි.

පරීක්ෂණයක් ඉල්ලුවත් දෙන්නෙ නෑ.. මාස 14 බලන් ඉන්නවා...

සාජි අල් මලික් නැමැති තනි පුද්ගලයෙකුගේ  පූර්ණ දායකත්වය පිට 2017 සාජාවල පැවැත්වුණු   ටී.10 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියෙන් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කණ්ඩායමක්  සහභාගී කරවා රුපියල් කෝටි ගණනක මුදලක්  පිල්ලි ගැසූ සිද්ධියක් ගැන හිටපු ශ්‍රි ලංකා ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන හෙළි කරයි.

එවකට ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිව සිටි ග්‍රැහැම් ලැබ්‍රෝයි හරහා කණ්ඩායමක් තෝරා නොගෙන,  ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිව සිටි තිලංග සුමතිපාල හා ක්‍රිකට් විධායක ඈෂ්ලි ද සිල්වා විසින් අත්සන් කර   ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියකින් තොරව මේ කණ්ඩායම සාජි මලික්ගේ තරගාවලියට සහභාගී කරවා ඇත.

තරගාවලියට එක්වීම සඳහා ඩුබායි ගිය විට සාජාහි දී හමුවුණු පුද්ගලයන් දෙදෙනෙක් පැමිණ කණ්ඩායම තමන්ගේ බවත්, කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල්ව තෝරා ගත්තේ  ඔවුන් බවත්, තමන්ට කී අයුරු අවිශ්ක  පැවසීය.


ඕනෑම පුද්ගලික තරගාවලියක දී සිදුවන ක්‍රීඩක වෙන්දේසියක් සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමක් මෙහි දී සිදු නොවුණු බවත්,   ඒ නිසා එම තරගාවලිය සඳහා මුදලක් ලැබුණා නම් ඒ මුදලට කුමක් වී දැයි තමන් නොදන්නා බවත් අවිශ්ක කීවේය.

මේ සම්බන්ධව හෙළිදරව් කරන අවිශ්ක ගුණවර්ධන මෙසේ පැවසීය.

“ රටක් ලෙස මේ තරගාවලියට සම්බන්ධ වී සිටියේ අප පමණයි. සියලුම නීති උල්ලංඝණය කරලා විතරක් නොවෙයි… ක්‍රීඩකයන් ද වංචා කරලා. රුපියල් කෝටි ගණනකට වෙච්ච දෙයක් නෑ.  ඒ සම්බන්ධව පරීක්ෂණයක් ඉල්ලා සිටියත්   ඔවුන් විසින් ලබා දෙන්නෙ නෑ.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අයි.සී.සී. අනුමැතිය නැති මේ තරගාවලියේ දී සැක කටයුතු පුද්ගලයෙක් හා කතා කිරීමේ වරදට දැන් අවිශ්ක ගුණවර්ධන ක්‍රිකට් තහනමකට ලක් කර තිබේ. තමන් මෙම  සිදුවීම ගැන පූර්ණ විමර්ශනයක් කරන ලෙස පුරා මාස14ක් තිස්සේ කියමින් සිටියත් තවම එය හිතා මතා මගහැර ඇතැයි    ඔහු කියයි.

 

 

 

 

Exit mobile version