දෙවැනි තරගයත් පරාදයි… ඉන්දියාව තරගාවලිය දිනුම්…

පන්දු 40ක් ඉතිරිව තිබිය දී ඉන්දියාව ඉතාම සුව පහසු ලෙස දෙවැනි එක්දින තරගයේ ජයග්‍රහණය වාර්තා කළේය.  දැන් ඉන්දියාව එක් දින තරගාවලියත් දිනුම්ය.

කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා නායකයා ය. ඔහු පන්දුවට පහර දීම තේරුවේය. තරගයක් දිය හැකි ලකුණු ප්‍රමාණයක් ලබා දීමට අපොහොසත් වූ ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ පන්දු ඕවර 40ක් ක්‍රීඩා කළේ නැත. පන්දු ඕවර 39.5 ක දී සියල්ලෝ ලකුණු 216කට දැවී ගියහ.

මැදපෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත ලාබාල පිතිහරඹය හේතුවෙන් පිතිකරුවන්ට ඉතාම සුදුසු කල්කටා ඊඩ්න් ගාර්ඩ්න් පිටියේ දී පන්දු ඕවර 50 ක්‍රීඩා කරගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා පන්දු ඕවර 39.3 ක දී ලකුණු 215කට දැවී ගියේය.
සිය මුල්ම තරගය ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 50ක් රැස් කළේය.

නුවනිඳු ප්‍රනාන්දු

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 20ක් කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් රැස් කළේය. දුනිත් වෙල්ලලාගේ සහ කසුන් රාජිත 8වන  කඩුල්ල වෙනුවෙන් ලකුනු 38ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය. දුනිත් ලකුනු 32ක්, ලැබුවේය.


වනිඳු හසරංග 21ක්, චාමික කරුණාරත්න සහ කසුන් රාජිත ලකුණු 17 බැගින් රැස් කළහ.

පන්දු යැවිමේ දි විශිෂ්ට පන්දු යැවීමක නිරත මෙහොමඩ් සුරාජ් පන්දු ඕවර 5.4ක දී ලකුණු 30ට කඩුළු 03ක් ලැබීය. කුල්දීප් යාදෙව් ලකුණු 51ට කඩුලු 3ක් උම්රාන් මලික් ලකුණු 48කට කඩුලු 02ක්, අක්සාර් පටෙල් ඕවර 5ක් යවා ලකුණු 16ට කඩුල්ලක්, ලැබුවේය.
ඉන්දියාව ඉදිරියේ තිබුණේ එක් දින තරගයක් නොව, ටෙස්ට් ඉනිමකට සමාන ඉනිමකි. ඒ පහසු ඉලක්කයය පන්දුඔ ඕවර 43.2ක දී නිමා කළ ඉන්දියාව කඩුළු 04ක් ජයග්‍රහණයක් වාර්තා කළේය.

එල්කේ රාහුල්…

ඉන්දියාවේ මුල් පෙළ බිඳ වැටිණි. සුපිරි ක්‍රීඩක කෝලි ලබා ගත්තේ ලකුණු 04කි. එහෙත් අපට බැරි වුන දේ ඉන්දියානු පිතිකරුවෝ කළහ. මැද පෙළ තරගයේ වගකිම දැරුවේය. ඉන්දියා වෙනුවෙන් කඩුළු රකින ක්‍රීඩක කේ.එල් රාහුල් නොදැවී ලකුණු 64ක් ලබා ගත්තේය. ඔහුට ඒ සඳහා කිසිම හදිස්සියක් තිබුණේ නැත. හදිස්ස් වන්නට උවමනාවකුත් නැත. පන්දු 103ක් ඒ ලකුණු 64 වෙනුවෙන් ඔහු වැය කළේය.

හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 36ක් ලැබුවේය. ඔහුත් ඊට පන්දු 53ක් වැය කළේය. ඒ තරම් අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ දී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අතිරේක ලකුණු 18ක් ද ඉන්දියාවට ප්‍රදානය කර තිබිණි. වයිඩ් පන්දු 13ක් සහ නෝබෝල් පන්දු 02ක් ඒ අතර විය.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර පන්දු ඕවර 9.2ක දී ලකුණු 64කට කඩුලු දෙකක් ලැබුවේය. චාමික කරුණාරත්න ඕවර 8ක දි ලකුණු 51 කඩුළු 2ක්, ධනංජය ද සිල්වා ඕවර 3ක දී ලකුණු 09කට කඩුල්ලක්, කසුන් රාජිත ඕවර 09ක දී ලකුණු 46ට කඩුල්ලක් ලැබුවේය.
වනිඳු හසරංග කඩුළු දවා ගත්තේ නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිටට තරගයක් ඉතිරිව තිබිය දී ඉන්දියාව තරගාවලිය දිනුම්ය.

Exit mobile version