හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් අයි.සී.සී දූෂණ විමර්ශන දැලට හසුවෙයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනක් සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් පරීක්ෂණ පවත්වන අතර ඒ අනුව අදාළ ක්‍රීඩකයන් තිදෙනාව නුදුරේදීම හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති සහ රහස්‍ය භාවය අනුව එම ක්‍රීඩකයන් තිදෙනාගේ නම් හෙළි කිරීමට නොහැකි අතර ඔවුන් විසින් අයි.සී.සී. දුෂණ නීති සංග්‍රහය කඩ කර ඇති බවත් එහි අවසන් තීරණය නුදුරේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දෙනු ඇති බවත් සඳහන් වේ.

ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම විසින් පසුගියදා කිකට් ක්‍රීඩකයන් තිදෙනකු තරග පාවාදීම සම්බන්ධව අයි.සී.සී. දූෂණ විමර්ශන  ඒකකය විසින් පරීක්ෂණ පවත්වන බව පැවසුවද එහිදී වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් කිසිවකුටත් එවැනි පරීක්ෂණයක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරමින් සඳහන් කරයි. කෙසේ වෙතත් හිටපු ක්‍රීඩකයන් තිදෙනකුට එසේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන සනත් ජයසුරිය, අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සම්බන්ධව අයි.සී.සී, දූෂණ විමර්ශන ඒකකය විසින් කරන ලද පරීක්ෂණවලට අනුව ඔවුන්ට තාවකාලික තහනමක් මේ වන විටත් පනවා තිබේ.

Exit mobile version