හතුරුසිංහ නිව් සවුත්වේල්ස් පිතිකරණ පුහුණු තනතුර ඉල්ලයි

සේවා කොන්ත්‍රාත් කාලය නිමාවීමට තවත් වසරක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධූරට අත්හිටවූ චන්දික හතුරුසිංහ තමන් මින් පෙර සේවය කළ ඔස්ට්‍රෙලියාවේ නිව් සවුත්වේල්ස්හි පිතිකරන පුහුණුකාර සහ සහය පුහුණුකාර තනතුර සඳහා අයදුම් කර තිබේ.

නිව් සවුත් වේල්ස් හී හතුරුසිංහ ඉල්ලුම් කර ඇති තනතුර සඳහා ඔස්ට්‍රෙලියානු හිටපු පුහුණුකරු ක්‍රිස් රොජර්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් සහයක පුහුණුකරු ටෝබි රැඞ්ෆෝඞ්ස් ද ඉල්ලුම් කර ඇත.

මේ වන විට නිව් සවුත් වේල්ස් හී ප්‍රධාන පුණුකරු වශයෙන් ෆිල් ජැක් කටයුතු කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වේග පන්දු පුහුණුකරු වශයෙන් ඇන්ඩ්‍රි ඇඩම්ස් ද දඟ පන්දු පුහුණුකරු වන්නේ ඇන්තනි ක්ලාක්ය ද ඇතුළත් පුහුණුකාර සංචිතය තුළට හතුරුසිංහ එක් කිරීම සම්බන්ධව තවමත් නිව් සවුත් වේල්ස් බළධාරීන් ස්ථිර අදහසක් ප්‍රකාශ කර නැත.

Exit mobile version