සැප්තැම්බර් 1 දා සිට පාසල් විවෘතයි… පාසල් ක්‍රීඩා තහනම්

 

ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළද  සියලුම පාසල් ක්‍රීඩා   2020 වසර අවසන් වනතුරු තහනම් කිරීමට කටයුතු කර ඇත.   අදාළ තහනම සම්බන්ධව සියලුම පාසල්වලට ලිඛිතව දැනුවත් කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයන් හේතුවෙන් වයස අවුරුදු 19 න් පහළ සහ 17 න් පහළ තරගාවලි පැවැත්වීම ප්‍රායෝගික නොවන නිසාත්,  වසංගත අවදානම පහව ගොස් නැති නිසාත් මේ තීරණය  ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් යළිත් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට අවසර දෙන ලෙස   මීට සති දෙකකට පෙර ඉල්ලීමක් කළද ඒ සඳහා අමාත්‍යාංශයේ අවධානය යොමු වී නැත.  වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන පාසල් 400 කට ආසන්න සංඛ්‍යාවක්   එම තරගාවලිය සඳහා ලබන වසර තුළ පුහුණුවීම් ආරම්භ කිරීමේ පුහුණුවීම් සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් මාසවලදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වසරේ පැවැත්වීමට නොහැකි වු මහා ක්‍රිකට් තරගද දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර පැවැත්වීමට ඇතැම් පාසල් බලාපොරොත්තු වුවත් අදාළ තහනම හේතුවෙන් එම තරගද නොපවැත්වෙනු ඇත.

Exit mobile version