සනත් ජයසූරියගේ අයි.සී.සී. ක්‍රිකට් තහනම ඉවරයි…

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබූ දෙවසරක ක්‍රිකට් සම්බාධක තහනම අද (03) අවසන් වූයේය.

මේ බව  අයි.සී.සී.ය විසින් නිවේදනය කිරීමත් සමග ජයසූරියට ඉදිරියේදී ක්‍රිකට් සම්බන්ධව සුපුරුදු පරිදි ඕනෑම කටයුත්තකට සහභාගි විය හැකිය.

අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකය විසින්  එම දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 2.4.6 වගන්තිය කඩ කිරීම සම්බන්ධව චෝදනා ගොනු කරමින් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවේය. එම තහනම අනුව ඔහුට ක්‍රිකට් පිළිබඳ කිසිදු කටයුත්තකට සහභාගී වීම තහනම් විය.


සනත් ජයසූරියගේ ජංගම දුරකතනය අයි.සී.සී. බළධාරීන්ට ලබා නොදීම සම්බන්ධයෙන් ඔහුට මෙම සම්බාධක තහනම පනවනු ලැබීය.

අදාළ තහනම අවසන් වීම සම්බන්ධව සනත් ජයසුරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ යළිත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවීමට තමාට අවස්ථාවක් ලැබී ඇති බවය‍

“ මම මට පැනවූ   සම්බාධකයේ කොන්දේසි සපුරා අවසන්. ක්‍රිකට් ක්‍රීඩාව  නොකළ යුතු කාලය අවසන් බව අයි.සී.සී.ය සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලය මට දන්වා තියෙනවා. එබැවින් මට දැන් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට හෝ වෙනත් ආකාරයකින් සම්බන්ධ වීමට අවස්ථාව උදාවෙලා තියෙනවා.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තහනම පනවා තිබු දුෂ්කර කාලයේදී තමාව තනි නොකළ සියලු දෙනාට  සනත් විශේ ස්තුතිය පල කර තිබිණි.

Exit mobile version