සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත් එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

තරග පාවාදීම සඳහා ක්‍රිඩකයන් දෙදෙනකුට යෝජනා කිරිම හා ඊට අදාළ උත්සාහයන් දැරීම සම්බන්ධයෙන් පවතින චෝදනා පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනිමට පොලිස් ක්‍රිඩා වැරදි ඒකකයට කැඳවනු ලැබ සිටින හිටපු තුන් ඉරියව් ක්‍රිඩක සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත් එම විමර්ශෂණවලට සහභාගී නොවී මඟ හැර ඇති බව වාර්තා වේ.

ඔහු අද දින මෙම විමර්ශෂණය සඳහා පැමිණෙන බවට පොලිස්යේ එම ඒකකය දැනුවත් කොට කල් ලබාගෙන සිටියද අද ද නීතීඥවරුන් මාර්ගයෙන් දන්වා ඇත්තේ අද ඔහු නොපැමිණෙන බවය.

මෙම හිටපු ක්‍රිඩකයා පසුගිය එල්.පීඑල් 20 20 තරගාවලියේදී දඹුල්ල වයිකිං සහ කොලම්බෝ කිංග්ස් කණ්ඩායම් දෙකෙහි ක්‍රිඩකයන් දෙදෙනකු අමතා තරග පාවා දීම් සම්බන්ධ යෝජනාවක් සිදු කර ඇති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තා වි ඇති අතර මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ටද පවතින බැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය පොලිස් ක්‍රිඩා වැරදි ඒකකය දැනුවත් කොට ඇත.


මෙම විමර්ශණ මඟ හැරීම සචිත්‍ර සේනානායක උත්සාහ දරා ඇති බව වාර්තා වන අතර ඔහු පළමු වරට පසුගිය 15 වැනිදා විමර්ෂණවලට පැමිණෙන ලෙස දන්වා ඇත. එසේ වුවද ඔහු එදින පැමිණ නොමැති අතර පසුගිය 17 වැදි බදාදා පැමිණෙන බව දන්වා තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එදිනද පැමිණිය නොහැති බැවින් අද දින (24) පැමිණෙන බව සඳහන් කොට විමර්ෂණ අංශයද එකඟවී තිබුණද ඔහු මෙම එකඟතාව බිඳ අද ද නොපැමිණීම සම්බන්ධයෙන් අදාළ අංශවල අවධානය යොමුව ඇතැයි ලංකාසර ට වාර්තා වෙයි.

Exit mobile version