ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය  අගෝස්තු 28 දා ඇරඹෙයි…

කණ්ඩායම් 05යි... තරග 23යි ... විදෙස් ක්‍රීඩකයන් 30යි...

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීම් සහිත අනාවරණයක් ලබාදීම සඳහා යෝජනා වී තිබූ  20 විස්ස    තරගාවලියක් පිළිබඳ අදහස ප්‍රායෝගික කරමින්  අන්තර්ජාතික ක්‍රීඩයකයන් 30ක ගේද සහභාගිත්වයෙන් එල්.පී.එල් 20 විස්ස තරගාවලියක් අගෝස්තු  28 දා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් කර තිබේ.

මේ තරගාවලියේ දී කණ්ඩායම් පහක් නම් කර එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනා බැගින් ක්‍රීඩකයින් 30 දෙනෙක් ඇතුළත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධාය ඈෂ්ල් ද සිල්වා පැවසීය. ඉන්දියානු ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ ක්‍රීඩකයන් නිදහස් නොකළත් මෙම තරගාවලිය සඳහා පාකිස්තානය, බංගලාදේශය, බටහිරඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියා, එංගලන්ත, සම්බාබ්වේ සහ නවසීලන්ත  ක්‍රීඩකයන්ක ගෙන්වීමට කටයුතු කරන බවත් ප්‍රධාන විධායකවරයා කීවේය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට කණ්ඩායම් පහක් නම් කෙනෙරන අතර එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුතු සංචිතයක් බැගින් ක්‍රීඩකයන් 100 දෙනෙකු තෝරා ගැනීමට නියමිතය.  ප්‍රභල විදෙස් ක්‍රීඩකයන් සිටියත් කණ්ඩායමකට ක්‍රීඩා කළ හැක්කේ විදෙස් ක්‍රීඩකයන් 4 දෙනෙකුට පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.


එක් කණ්ඩායමක් පළමු වටයේ තරග දෙකකට සහභාගී වේ. අවසන් මහා තරගය ඇතුළුව තරගාවලියේ මුලු තරග සංඛ්‍යාව 23කි. සියලුම තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය, පල්ලෙකැලේ ක්‍රීඩාංගනය, දඹුල්ල ක්‍රීඩාංගනය, සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය යන ක්‍රිඩාංගනවල පැවැත්වීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සතියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය සමග කතා කර විදෙස් ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් සම්බන්ධ වැඩපිළිවෙළ සාකච්ඡා කරන බවත්, තරගාවලිය ආරම්භයට පෙර නිශ්චිත කාලයක දී ක්‍රීඩකයන් ගෙන්වා ගෙන සෞඛ්‍ය පිළිවෙත් රකිමින් අවස්ථානුකූළව තරගාවලිය ඉදිරියට ගෙනයන බවත් ප්‍රධාන ක්‍රිකට් විධායක ඈෂ්ලි ද සිල්වා කීවේය.

Exit mobile version