ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය අද රාත්‍රී 7.30ට…

ශ්‍රී ලංකාව අයි.සී.සී ලෝක කුසලානයේ දී මුහුණ දෙන දෙවන තරගය අද අයර්ලන්තය සමග අද රාත්‍රී 7.30ට අබුඩාබි හි ශෙයික් සයිඩ් අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

මෙම තරග වටයේ දී අයර්ලන්තය තමන් මුහුණ දුන් මුල්ම තරගයෙන් නෙදර්ලන්තය පරාජය කළ අතර ශ්‍රී ලංකාව නැමීබියාව පරාජය කළේය.  කණ්ඩායම් දෙකම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට ප්‍රතිවාදීහු බිඳ දැමූහ. කණ්ඩායම් දෙකම කඩුලු 7 ක ජයග්‍රහණ අත්පත් කර ගත්හ.

ෙශ්‍රී ලංකා දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග  ඉතාම ඉහළ විශ්වාසනීය ප්‍රවේශයක් ලබාගෙන සිටිති. වේග පන්දු යවන දුෂ්මන්ත චමීර,  ලහිරු කුමාර, චාමික කරුණාරත්න සුපුරුදු රිද්මයට පැමිණෙමින් ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නෙදර්ලන්තය විශ්වාසය තබා ඇත්තේ කර්ටිස් කැම්පර් ගැනය.  පිරිමි විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ පන්දු හතරක දී කඩුලු 4ක් දවාගත් තුන්වන ක්‍රීඩකයා ඔහුය. මීට ඉහත එම දස්කම ලසිත් මාලිංග සහ රෂීඩ් ඛාන් විසින් දක්වා තිබිණි.

 

Exit mobile version