ශ්‍රී ලංකාව පරදවා නවසීලන්ත කණ්ඩායම කඩුළු 02ක තියුණු ජයක් ලබයි!…

තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා නවසීලන්ත කණ්ඩායම කඩුළු 02කින් ජයගෙනය.

නායක කේන් වියිලම්සන් නොදැවි  අති විශිෂ්ට ශතකයක් වාර්තා කරමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය වෙත ඔසවා තැබීය. ඔහු ලකුනු 121 ලැබීය. ඊට හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. මිනිත්තු 299ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 194කට මුහුණ දුන්නේය.

 

කේන් වියිලයම්සන්ගේ ජයග්‍රාහී පිති හරඹය…

ඩැරිල් මිචෙල් දෙවැනි ඉනිමේ ද ලකුණු 81 ලැබුවේය. ඒ පන්දු 86කිනි.   ඊට හතරේ පහර තුනක් සහ හයේ පහර 04ක් ඇතුළත් විය.

උදෑසන පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා ප්‍රමාද වී ආරම්භ කළ තරගයේ සැලසුම නවසීලන්ත කණ්ඩායම විසින් වෙනස් කර තිබිණි. ජය පරාජයෙන් තොරව අවසන් වීමට බොහෝ  ඉඩකඩක් තිබූ තරගයක් නවසීලන්තය විසින් දිනා ගත්තේය.

ඊයේ එක් කඩුල්ලක් දැවී ලකුණු  28ක් රැස්කරමින් පන්දුවට පහර දීමට පැමිණි නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය ඒ තරම් පහසු එක්ක වූයේ නැත. නවසීලන්ත කඩුලු 07ක් දිනය තුළ  දැවී ගියේය.


ඩැරිල් මිචෙල් දෙවැනි ඉනිමේ ද ලකුණු 81 ලැබුවේය

අසිත ප්‍රනාන්දු ලකුණු 63කට කඩුළු 3ක්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 92කට කඩුළු 2ක්, කසුන් රාජිත ලකුණු 61කට කඩුළු 01ක් සහ ලහිරු කුමාර ලකුණු 61කට කඩුල්ලක් ලැබුවේය.

කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ඇරයුම පරිදි  පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 355ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස සත්කාරක නවසීලන්ත  කණ්ඩායම ලකුණු 373ක් ලබා ගත්තේය.

අනතුරුව සිය දෙවැනි ඉනිම සඳහා ශ්‍රී ලංකාව ලකුණු 302ක් රැස්කළේ නවසීලන්තයට හඹා යාමට ලකුණු 285ක ඉලක්කයක් ලබා දෙමිනි.

නවසීලන්ත පිතිකරුවෝ එම ඉලක්කය පන්දු ඕවර 70ක් තුළ කඩුළු 02ක් අතැතිව පසු කර ගියහ.

තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම දැන් 1-0 ලෙස ඉදිරියෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අසිත ප්‍රනාන්දු ලකුණු 63කට කඩුළු 3ක් දවා ගත්තේය…

Exit mobile version