ශ්‍රී ලංකාවෙන් විශිෂ්ට ක්‍රීඩා විලාශයක්… අයර්න්තය ලකුණු 128කට සීමාවෙයි!

විස්සයි 20 ලෝක කුසලාන සුපිරි වටයේ දී අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය ඔස්ට්‍රේලියාවේ හොබාට්හි දී පැවැත්වෙමින් ඇත. පන්දු ඕවර 20 අවසානයේ දී  අයර්ලන්තය ලකුණු 128කට   සීමා වී සිටී.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විශිෂ්ට පන්දු යැවීමකය. පිටියේ පන්දු රැකීමකය.  ශ්‍රී ලංකාවට පන්දු ඕවර 20 තුළ ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වී ඇත.

කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම තේරුවේය.

හැරී ටෙක්ටර් පන්දු 42ක දී  ලකුණු 45ක් ලැබුවේය

ආරම්භක පිතිකරණ යුගලයේ හැරී ටෙක්ටර් පන්දු 42ක දී  ලකුණු 45ක් ලැබුවේය. ඒ එක් හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමගිනි.


ජොර්ජ් ඩොක්‍රෙල් ලකුණු 14ක් ලැබුවේය. අනෙක් එක් ක්‍රීඩකයෙක්වත් ලකුණු 10 සීමාව ඉක්මවා ගියේ නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ  සෑම ශ්‍රී ලංකා   පන්දු යවන්නෙක්ම අයර්ලන්ත කණ්ඩායමට පීඩාවක් එල්ල කළහ. මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 4තුළ ලකුණු 19ට කඩුළු 02ක්, වනිඳු හසරංග පන්දු ඕවර 04 තුළ ලකුණු 25ට කඩුළු 02ක් බිඳ හෙළූහ. බිනුර ප්‍රනාන්දු, ලකුණු 27ට කඩුල්ලක්, ලහිරු කුමාර ලකුණු 12කට කඩුල්ලක්, චාමික කරුණාරත්න ලකුණු 29ට කඩුල්ලක්, ධනංජයද සිල්වා ලකුණු 13ට කඩුල්ලක් බිඳහෙලුවේය.

Exit mobile version