ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී යැයි  නීතිපතිවරයා දැනුම් දී  ඇති බවත් ඒ අනුව සතියක් තුළ ක්‍රිකට් ආයතනයට කෙටි කාලීන අතුරු කමිටුවක් හෝ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් යටතේ පරිපාලනයවන කමිටුවක් පත් කිරීමට සූදානම්  බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට වාර්තා කරයි.

මින් පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසන් නිලවරණය පැවැත්වුණේ 2019 වසරේ පෙබරවාරි 21 වැනිදා බැවින් වසර දෙකක් සඳහා පත් කරගන්නා ක්‍රිකට් විධායක කමිටුවේ නිලධාරීන් ගේ ධූර කාලය මේ වසරේ පෙබරවාරි 20න් නිමා වී ඇති අයුරු කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපති නිශාන්ත රණතුංග විසින් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ වෙත ලිඛිතව පැමිණිලි කර තිබිණි.

ඔහු  එමගින් ඉල්ලා තිබුණේ ක්‍රිකට් නිලවරණය තෙක් අතුරු කමිටුවක් හෝ නිසි බලධාරියෙක් පත් කරන ලෙසය.  මෙම ලිපිය මාධ්‍යවල වාර්තා වීමත් සමග ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යවා තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ඒ වන විට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ   නිශාන්ත රණතුංග විසින් ඔහුට යොමුකළ ලිපිය නීතිපතිවරයා වෙත යොමුකර අවසන් වී තිබිණි.  වාර්තාවන පරිදි නීතිපතිවරයා විසින් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව දන්වා ඇත්තේ මෙම ලිඛිත පැමිණිල්ල මුල් කරගෙන සිදුකළ විමර්ශනයකින් අනතුරුවය.

Exit mobile version