වංගුවක් ගසා මුලට පැමිණි ඉන්දියන් ජෙන්ඩ්ස් අවසන් වටයට

ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැන සිටි ශ්‍රී ලංකාව අතාර්කිකව පහළට ඇද දමා මුල් තැනට පැමිණ ප්‍රභල දකුණු අප්‍රිකානු ලෙන්ඩ්ස්  කණ්ඩායම මග හැර ගත් ඉන්දියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ පැවති මුල් අවසන් පූර්ව වටයේ තරගයෙන්  බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් ලකුණු 12කින් පරාජය කරන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

තරගය ඇදී ගියේ උණුසුම් මුහුණුවරක් ගනිමිනි. වේගවත් පිතිකරණය යෙදෙමින් මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 03 ක් දැවී ලකුණු 218 ක් රැස් කළහ.

කළේ හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක්  සමගින් නායක සචින් තෙන්ඩුල්කාර් පන්දු 42 කදී ලකුණු 65 ක් රැස් කළේය.   යුවරාජ් සිං පන්දු විස්සකදී ලකුණු 49 ක් ද යූසුෆ් පතාන් පන්දු 20 කදී ලකුණු 37 ක් ද විරේන්ද්‍ර ශෙවාග් පන්දු 17 කදී ලකුණු 35 ද රැස් කළහ. ටීනෝ ෆෙස්ට් ලකුණු 25 කට කඩුලු 02 ක් බිඳ හෙළුවේය.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 219ක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 200 සීමාව පසු කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැත.  බටහිර ඉන්දීය කොදෙව් ජෙලන්ඩ් පන්දුවර 20 අවසානයේ දී ලකුණු 206 ක් රැස් කළහ.  ඩ්වේන් ස්මිත් ලකුණු 63 ක්, නායක බ්‍රයන් ලාරා ලකුණු 46 ක්  එක් කර තිබිණි.  පන්දු යැවීමේදී විනෙයි කුමාර් ලකුණු 26 කට කඩුලු 02 ක් දවා ගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසන් මහා තරගය තරම්ම උණුසුම් වීමට නියමිත ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර දෙවන අවසන් පූර්ව තරගය හෙට (19 ) රායිපූර් හි සහීඩ් විර් නාරායන් සිං ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 7ට ආරම්භ වීමට නියමිතය.

 

Exit mobile version