ලෝක කුසලාන සුපිරි වටයේ දී අපි හැප්පෙන හැටි!

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයේ තරඟ අද (23) ආරම්භ කෙරෙනු ඇත. එම වටය ආරම්භ කරන මංගල තරගය පැවැත්වෙන්නේ පළමු කාණ්ඩය යටතේ තරග වදින ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතරය. එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03 යි 30 ට ආරම්භ වේ. දෙවන තරඟය අද රාත්‍රී 07 යි 30 ට පැවැත්වෙන්නේ එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතරය.

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ද සුපිරි 12 දෙනාගේ වටයේදී තරඟ වදින්නේ ද පළමු කාණ්ඩය යටතේයි. ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය හෙට බංග්ලාදේශය සමඟ පැවැත්වේ. දෙවන තරඟය ලබන 28 වනදා ඕස්ට්‍රේලියාව සමඟත්, තුන්වන තරඟය ලබන 30 වනදා දකුණු අප්‍රිකාව සමඟත් පැවැත්වීමට නියමිතය.

එංගලන්තය සමඟ තරඟය පැවැත්වෙන්නේ නොවැම්බර් පළමුවැනිදාය. ශ්‍රී ලංකා – බටහිර ඉන්දිය කොදෙව් තරඟය නොවැම්බර් 04 වනදා පැවැත්වෙනු ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සුපිරි 12 දෙනාගේ වටයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති ඉන්දියා පකිස්තාන තරඟය හෙට පැවැත්වීමට නියමිතය.

Exit mobile version