ලෝක කුසලානයේ රිදී ජුබිලිය ක්‍රිකට් චන්දෙට විකුණන්න ගිය ක්‍රිකට් ලොක්කා දැවී යයි…

වර්ෂ 1996 ලෝක ශූරතාවය දිනා ගැනීමේ රදී ජුබිලිය සැමරීම සඳහා එම ශූරතාවය දිනූ කණ්ඩායම විසින් ලබන 17 දා ශ්‍රැංගිලා හෝටලයේ සංවිධානය කර ඇති රාත්‍රී භෝජන සංග්‍රහය කඩකාප්පල් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉළම නිලධාරියෙක් දැරූ උත්සාහය ලෝක ශූරතාවය දිනූ කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංගගේ මැදිහත් වීමෙන් වැළකී ගිය පුවතක් ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම භොජන සංග්‍රහය පැවැත්වෙන දිනයේ එම හෝටලයේම ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලෝක සූරතාවයේ රිදී ජුබිලිය සැමරීම සඳහා බව කියමින් වෙනත් රාත්‍රි භෝජනයක් සංවිධානය කිරීමට කටයුතු සංවිධානය කර තිබේ. ඒ සම්බන්ධව හිටපු නායක අර්ජුණ රණතුංග විසින් සිය බලවත් විරෝධය පළ කිරීමත් සමග සිද්ධිය ව්‍යර්ථ වූ බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළම නිළධාරියා මෙවරත් ක්‍රිකට් නිලවරණයට සූදානම්වන බවත්, රිදී ජුබිලිය සමරන මුවාවෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේම මුදලින් සිය චන්ද කටයුතු සංවිධානය කිරීමට ඔහු උත්සාහ ගෙන තිබුණු බවත් එම ආරංචි මාර්ග හෙළි දරවු කරයි…




Exit mobile version