ලෙජන්ඩ්ස් ලා අද ඕමානයේ දී පිටියට බසිති….

ලෙජන්ඩ්ස් ක්‍රිකට් ලීගය 2022 අද ( 20 ) ඕමානයේ මස්කට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

විස්සයි20 තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වෙන්නේ ඉන්දියා මහරාජාස් සහ ඒෂියන් ලයන්ස් කණ්ඩායම් අතරය.

ඉන්දයා මහරාජාස් පිලේ නායකයා ලෙස හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් පත් කර ඇත. අතර ඒෂියන් ලයනස් පිලේ නායකත්වය පාකිස්තානයේ හිටපු නායක මිස්බා උල් හක්ට හිමිව තිබේ.


ෂෙවාග් ගේ නායකත්වයෙන් යුතු ඉන්දියා මහරාජාස් පිලේ උප නායකයා ලෙස හිටපු ඉන්දීය ක්‍රීඩක  මොහොමඩ්  කයිෆ්   පත්කර ඇත. කණ්ඩායමේ පුහුණු කරු ජෝන් බුකානන්ය.    ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ජෝන් පසුගිය කාලයේ සාර්ථක ප්‍රතිඵල ලබාදී තිබුණි. IPL තරඟාවලියේ මුල් දිනවල ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු විය.

මිස්බා උල් හක්ගේ නායකත්වයෙන් යුතු ඒෂියන් ලයනස් කණ්ඩායම සමන්විත වන්නේ පකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානයේ ජනප්‍රිය ක්‍රිකට් තරුවල   සම්මිශ්‍රණයකිනි. කණ්ඩායමට ෂාහිඩ් අෆ්රිඩි, ෂොයිබ් අක්තාර්, මොහොමඩ්   හෆීස්, උමාර් ගුල්, ටී.එම් ඩිල්ෂාන්,  මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස් සහ හබිබුල් බෂාර් වැනි ලෝකය ප්‍රසාදයට පත් ක්‍රිකට් තරු වෙති.   කණ්ඩායමේ උප නායකයා ටී.එම්. ඩිල්ශාන්ය.

ශ්‍රී ලංකාවට  1996 ICC ලෝක කුසලානය දිනා දුන් නායක අර්ජුන රණතුංග කණ්ඩායමේ  පුහුණුකරු ලෙස පත් කර ඇත.

Sony Pictures Networks India (SPN) විසින් තරඟාවලියේ සියලුම තරඟ SONY TEN 1 සහ SONY TEN 3 නාලිකා ඔස්සේ විකාශය කරනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර සුප්‍රීම් ටීවී ඔස්සේ ශ්‍රී ලංකාවේ තරග විකාශය කරයි

Exit mobile version