මින් පසු ක්‍රිකට් පන්දුවේ කෙළ ගෑවොත් වැඩ වරදියි -කොරෝනා කළ වෙනසක්

ඒත් දහදිය භාවිතයෙන් පන්දුව ඔප දැමිය හැකියි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රිකට් පන්දුව ඔප දැමීම සඳහා මින් මතු කෙළ භාවිතා කළහොත් එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති වලට පටහැනි සිදුවීමක් බවට තීරණය වේ. අනිල් කුම්බ්ලිගේ සභාපතිත්වයෙන් යුත් අයි.සී.සී. කමිටුවක් විසින් මෙම තීන්දුව ගෙන තිබේ.
අයි.සී.සී. වෛද්‍ය උපදේශක කමිටු සභාපති වෛද්‍ය පීටර් හාර්කෝට්ගේ උපදෙස් අනුව පන්දුවේ කෙළ ගැසීම තහනම් කර ඇත්තේ කොරෝනා වෛරස් සම්ප්‍රේෂණය වීමේ අවදානම එමගින් ඉහළ නංවන බැවිනි. කොරෝනා ‘වෛරසය මූලික වශයෙන් සම්ප්‍රේෂණය වන්නේ ශ්වසන ජල බිඳිති සමග සම්බන්ධවන මාර්ග හරහායි.” යනුවෙන් අයි.සී.සී. වෛද්‍ය කමිටුව පවසයි.
පන්දුව ඔප දැමීමට කෙළ භාවිතා කිරීම තහනම් වුවත් දහඩිය භාවිතා කිරීම තහනම් නොවන බව අයි.සී.සී.ය පවසයි. “වෛරසය දහඩිය සමග සම්ප්‍රේෂණය වීමට බොහෝ දුරට ඉඩක් නැහැ. පන්දුව ඔප දැමීම සඳහා දහඩිය භාවිතය තහනම් කිරීමේ අවශ්‍යතාවක් එමගින් ඇති වන්නේ නැහැ.” යනුවෙන් අයි.සී.සී. වෛද්‍ය කමිටුව වැඩිදුරටත් පවසයි.
කොරෝනා වසංගතය හේතුවෙන් අයි.සී.සී.සී. තවත් නීති රීති කිහිපයක්ම වෙනස් කිරීමට තීරණය කර ඇති අතර ඒ අනූව ජාත්‍යන්තර තරග පැවැත්වෙන විට විනිසුරුවන් සහ තරග තීරකරුවන් රටවල් වෙත පියාසර කිරීමේදී නිරෝධායනය විය යුතු බවත් නැතිනම් සත්කාරක රටේ විනිසුරුවන් හෝ තරග තීරකවරුන් නම් කරන්නේ නම් එය අයි.සී.සී.ය විසින්ම සිදුකිරීමට යෝජිතව තිබේ.

Exit mobile version