“මැතිව්ස් ගේ ක්‍රීඩා ජීවිතය විනාශ කලේ කැප්ටන් කූල් “- තිලංග කියයි…

ඇන්ජලෝ මැතිව්ස් වැනි ක්‍රීඩකයන්ගේ ක්‍රිඩා ජිවිතය විනාශ කිරීමේ අපරාධයට කැප්ටන් කූල් ඇතුළු පසුගිය ආණ්ඩුව වගකිවය යුතු බව ඊයේ ( 01) කොළඹ පැවති වැඩසටහනක දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපල පැවසීය.

කැප්ටන් කූල් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සමග කී තරග පාවා දීමේ කතාව නිසා ක්‍රීඩකයන් ගණනාවකට එෆ්.සී.අයි.ඩී යන්නට සිදුවූ බව කී ඔහු තරග පාවා දෙන  ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගසා ඇන්ජලෝ මැතිව්ස්ගේ නම ප්‍රසිද්ද කර පරීක්ෂණ කළ බවත් අවසානයේ දී  නිදොස් කොට නිදහස් කළ බවත් පෙන්වා දුන්නේය. මින් සිදුවුණේ ඇන්ජලෝගේ ක්‍රීඩාව විනාශ වීම බව ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යම් සිද්ධියක් පිළිබඳ පරීක්ෂණයක් පටන් ගත් විට ඊට මුහුණ දිය යුතු බවත්, පරීක්ෂණයක් කර ප්‍රතිඵළ නිකුත් වූ පසු එ් සම්බන්ධ ගැටලුව නිමා වන බවත්, වැරදි කර නැතිනම් බව විය යුතු නැති බවත් කී ඔහු  ක්‍රිීඩකයන්ගේ නම් සඳහන් කරමින් ඔවුන්ව විනාශ නොකළ යුතු බව පෙන්වා දුන්නේය.


 

 

 

 

 

 

Exit mobile version