මැතිව්ස්ගේ පිත්ත යළිත් කතා කරයි… සුපරි ශතකයක්!

මැතිව්ස් ලකුණු 115යි

ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ සිවුවන දිනයේ දී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඈන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ජීවිතයේ 14 වැනි ශතකය වාර්තා කළේය.

මේ වනවිට ටෙස්ට් තරග 101ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින විශිෂ්ට අත්දැකීම් පූර්ණ ජ්‍යෙෂ්ඨයා වන මැතිව්ස් සිය ටෙස්ට් ජීවිතය තුළ අර්ධ ශතක 38ක් ද වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය නිමාවන විට ලකුණු  83කට කඩුළු 03ක් බිඳ වැටී අසීරු අඩියක සිටියේය. ඈන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 20ක් ලබා සිටියේය.

අද සිය අත්දැකීම් සමුච්ඡය ද උපායෝගී කරගෙන විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස් ලකුණු 115ක් පන්දු 235ක් තුළ දී රැස් කළේය.  ඊට හතරේ පහර 11ක් ඇතුළත් විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට පන්දු ඕවර 102ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 283ක් රැස් කරගෙන සිිටිති.

Exit mobile version