මංගල තරගයේ ප්‍රථම ඉනිමේ කඩුළු 06ක්… ප්‍රවීන් ජයවික්‍රම බංගලාදේශ ඉනිම සුණු විසුණු කරයි…

රංගන හේරත්ගෙන් පසු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය බලාපොරොත්තුව වනු ඇතැයි විශ්වාස කළ ප්‍රවීන දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්ප කුමාර වෙනුවට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ තේරීම් කමිටුව බලාපොරොත්තුව තැබූ  යොවුන් දඟ පන්දු යවන්නා වූ  ප්‍රවීන් ජයවික්‍රම තමන් සම්බන්ධව රට තැබූ තක්සේරුව නිවැරදි බව තහවුරු කරමින් අද බංගලාදේශ ඉනිම සුන් කළේය.

වමත් දඟපන්දුකාර ප්‍රවීන් ජයවික්‍රම තමන්ගේ මංගල ටෙස්ට්  තරගයේ මුල් ඉනිමේ දීම ලකුණු 92කට කඩුළ හයක් බිඳ හෙලුවේය.  ඒ කඩුළු හයට බංගලාදේශ කණ්ඩායමේ අරටු බඳු වූ ප්‍රභල පිතිකාර තමීම් ඉක්බාල්  මෙන්ම මුෂ්ෆික්‍යු රහිමාන් ද අයත් විය.

ප්‍රවීන් දැක්වූ දස්කම වැනි දස්කමක් මින් පෙර දක්වන්නේ උපුල් චන්දනය. ඒ 1999 දී පකිස්ථානයට එරෙහිවය.  එහිදී උපුල්  කඩුළු 06ක් ලබා ගන්නේය. ඒ ලකුණු 179කටය.


ප්‍රවීන්ගේ මෙම ප්‍රබල අභියෝගාත්මක පන්දු යැවීම හමුවේ බංගලාදේශයේ අවසන් කඩුළු 07 දැවී ගියේ ලකුෂු 37කටය.  ලංකාව සිය දෙවන ඉනිම සඳහා තරගය ආරම්භ කළේ ලකුණ 242ක් ඉදිරියෙන් හිඳිමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රවීන් ජයවික්‍රම දකුණත් පිතිකරුවෙක් ලෙසත්  වමත් ඕතොඩොක්ස් පන්දු යවන්නෙක් ලෙසත් හඳුනාගෙන තිබිණි. ඔහු  මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් බිහි වුණු ක්‍රීඩකයෙකි.  ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් 2018 ලොක කුසලාන තගරයට එක් වූ ප්‍රවීන්   මුවර්ස් ක්‍රීඩා සමාජයත්, කොල්ට්ස් ක්‍රීඩා සමාජයත් නියෝජනය කරමින් ලංකාවේ පළමු පෙළ ක්‍රීඩා කළේය.

Exit mobile version