බ්‍රසීලය 4-1කින් දකුණු කොරියාව පරදා අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි!

කටාර්හි පැවැත්වෙන ලෝක කුසලාන පා පන්දු තරගාවලියේ  අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානයක් තහවුරු කරගැනීම සඳහා බ්‍රසීලය සහ දකුණු කොරියාව අතර  ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම  පැවති තරගයෙන් ගෝල 4 -1 ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගැනීමට බ්‍රසීලයට හැකි විය.

වර්ෂ 2002 දී සම සත්කාරක ජාතිය ලෙස ලෝක කුසලානයට දායක වුන දකුණු කොරියාව ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට පිවිසීමෙන් පසු සුපිරි 16 දෙනාගේ වටය ඉක්මවා යෑමට දැරූ උත්සාහ අසාර්ථක වූයේය.

මෙම තරගයේ විශේෂත්වය වන්නේ  2022 ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් වැඩිම ගෝල සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළ තරගය මෙය වීමය.  එමෙන්ම ක්‍රොඒෂියා තරගයේ දී පාදයේ ආබාධයකින් කණ්ඩායමෙන් ඉවත් වී මෙම ලෝක කුසලානය අහිමි වනු ඇතැයි විශ්වාස කළ බ්‍රසීලයේ සුපරි ක්‍රීඩක නේමාර් ගේ ආගමනයය.

නේමාර් ගෝලය වාර්තා කිරීමෙන් පසු….

ඔහු සිය පූර්ණ තරග රටාව ද සමගින් යළි පැමිණ තිබිණි. බ්‍රසීලය   අඛණ්ඩව අටවැනි වරටත් ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.


තරගයේ  13 වැනි මිනිත්තුවේදී     නේමාර් මෙවර ලෝක කුසලානයේ පළමු ගෝලය වාර්තා කළේය.   ඔහු  ලෝක කුසලාන තුනකදී බ්‍රසීලය වෙනුවෙන් ගෝල ලබා ගනිමින් පේලේ සහ රොනාල්ඩෝ සමඟ එක් විය.

Vinícius Junior බ්‍රසීලය වෙනුවෙන් පළමු ගෝලය වර්තා කළේ තරගයේ 07 වැනි මිනිත්තුවේ දී ය. 29 වැනි මිනිත්තුවේ දී Richarlison සහ පළමු අර්ධයෙන් පසු Lucas Paquetá බ්‍රසීලය වෙනුවෙන් ගෝල වර්තා කළහ.

76 වැනි මිනිත්තුවේදී ආදේශක ක්‍රීඩක  Paik Seung-ho දකුණු කොරියාව වෙනුවෙන් එකම  ගෝලය වාර්තා කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බ්‍රසීලය මීළඟට සිකුරාදා ක්‍රොඒෂියාව සමග තරග වදිනු ඇත.

Exit mobile version