බංගලාදේශය පිට පිට දෙවන පරාජයත් ලබයි.!

සුපිරි වටයේ පළමු කාණ්ඩය යටතේ අද පැවති බංගලාදේශය සහ එංගලන්තය අතර තරගයෙන්  කඩුලු 08 ක පහසු ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ බංගාලදේශ කණ්ඩායම  තරඟයේ මුලින්ම   පන්දුවට පහර දීම තෝරා ගත්තේය. එය නිවැරදි තීන්දුවක් වූයේ නැත. මෙතෙක් ලෝක කුසලාන තරගාවලියේ අතිශය වැඩි ප්‍රතිශතයක් ජයග්‍රහණය කළේ හඹාගෙන ගොස් ඉල්ලක්කය පසු කළ දෙවනුවට පන්දුවට පහර දුන් කණ්ඩායමය. බංගලාදේශ කණ්ඩායමට රැස්කරගත හැකි වූයේ ලකුණු 124ක් පමණි.

වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ  මුෂ්පික රහීම්ය. ඒ ලකුණු 29කි. නායක මහමුදුල්ලාහ් ලකුණු 19ක්, නසුම් අහමඩ් ලකුණු 19ක්, නුරුල් හසන් ලකුණු 16ක් ලබා ගත්හ.


ටිමාල් මිල්ස් ලකුණු 27ට කඩුලු 03ක්, ලියම් ලිවින්ග්ස්ටෝන් ලකුණු 15ට කඩුලු 2ක්, මොයින් අලි ලකුණු 18ට කඩුලු 2ක්, ක්‍රිස් වොර්කස් ලකුනු 12ට කඩුලු 01 ලබා ගත්තේය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 14 යි එක් පන්දුවක් තුළ කඩුලු 02 කට ලකුණු 126 ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය. මනරම් පිතිකරණය යෙදුණු ජේසන් රෝයි පන්දු 38 කදී ලකුණු 61ක් රැස් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුගේ ඉනිමට හතරේ පහර 05 ක් සහ හයේ පහර 03 ක් ඇතුලත් විය. තරගයේ වීරයා වූයේ ජේසන් රෝයි ය. මේ බංගලාදේශය මේ තරගාවලියේ දී පිට පිටම ලද දෙවන පරාජය ය.

 

Exit mobile version