පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

දිනසේන රතුගමගේ

තලෙයිමන්නාරමේ සිට පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවේ ධනුස්කොඩිය දක්වා පිහිනමින් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දියාවේ හයිද්‍රාබාද් තෙලන්ගානි ප්‍රදේශයේ  48 හැවිරිදි ගුරුවරියක් වූ ශ්‍යාමාලා කෝලී අද (20) සමත් වූවාය.  

ඇය කිලෝ මීටර් 30 ක් වූ මේ දුර ප්‍රමාණය පැය 13 යි විනාඩි 40 කින් අවසන් කොට ධනුස්කොඩියේ අරිචල්මුනායී වෙරළට ළගා වූවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෝක් සමුද්‍ර සන්ධිය හරහා මේ වන විට 13 දෙනෙකු පිහිනා ලෝක වාර්තාවන් තබා ඇති අතර ඉන්දීයා පිහිණුම් ක්‍රීඩාකවක් විසින් මේ වාර්තාව තබා ඇත්තේ පලමු වතාවටය.


Exit mobile version