ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වී සිටින පැතුම් නිස්සංක මංගල ටෙස්ට් තරගයක ක්‍රීඩා කරමින් විදේශක දී ශතකයක් රැස් කළ පළමු  ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඊයේ (24) ඉතිහාසගත වුනේය.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඇන්ටිගුවාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ  තරගයේ සිවුවන දිනය වූ ඊයේ දෙවැනි ඉනිමේ දී පැතුම් නිස්සංක මෙම ලකුණු 103 ලබා ගැනීමට සමත් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මින් පෙර ඩිල්රැවන් පෙ⁣රේරා සාජාහිදී ලකුණු 95 ක් රැස්කරමින් මංගල ටෙස්ට් තරගයේ විදේශයක දී ඉහළම ලකුණු වාර්තාවට මීට පෙර හිමිකම් කීවේය. පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මංගල ටෙස්ට් තරගයේ දී ශතකයක් රැස් කළ සිව්වන ක්‍රීඩකයා ය.


Exit mobile version