පළමු 20යි 20 තරගයෙන් අන්ත පරාජයක්… එංගලන්තය ලංකා කණ්ඩායම අසරණ කරයි…

Jos-Buttler

ජොස් බට්ලර්ගේ ප්‍රහාරය...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



එංගලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව පළමු පන්දුවාර 20යි 20 තරගය අද අලුයම ජයග්‍රහණය කළේය. සුපුරුදු දුර්වල ක්‍රීඩා විලාශය සහිතවම තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදී රැස් පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස් කරගනු ලැබුවේ ලකුණු 129ක් පමණි.

කැපී පෙනෙන ඉනිම ක්‍රීඩා කළේ දසුන් ශානකය. මේ ලකුණු 129න් ලකුණු 50ක් ඔහුගේය. දසුන් ලකුණු 50 රැස් කරන්නේ පන්දු 44කිනි. කුසල් ජනිත් ලකුණු 30ක් රැස් කළේය. ධනුෂ්ක ගුණතිලක ලකුණු 19ක් රැස් කළේය. පුදුමාකාර අසමත්කමක් සහිතව අනෙක් කිසිම පිතිකරුවෙක් ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත.

පන්දු යැවීමේදී ඇඩිල් රෂීඩ් සහ සෑම් කරන් කඩුළු 02 බැගින් බිඳ හෙලූහ.
එංගලන්තයට පිළිතුක් දීමට තරම්වත් දෙයක් නොවුණු බව පෙනුණේය. වැය වුනේ පන්දුවාර 17ක් පමණි. කඩුළු දෙකකට ඔවුහු 129 ඉලක්කය පසුකළහ.

ජොෂ් බට්ලර් නොදැවී ලකුණු 68ක් රැස් කළේය. ජේසන් රෝයි ලකුණු 36ක් ලබා ගත්තේය. තරය නිමා කරන විට ජොනී බැරිස්ටර් හා ජොෂ් බට්ලර් කඩුල්ලේ රැඳී සිටියහ.

දුෂ්මන්ත චමීර හා ඉසුරු උදාන කඩුල්ල බැඟින් බිඳ හෙළූහ.

Exit mobile version