පළමු දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 340ට කඩුළු 06යි….

ශ්‍රී  ලංකා කණ්ඩාය මේ දකුණු අප්‍රිකා සංචාරය...

සංචාරක ශ්‍රී  ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට් පාර්ක් හිදී ඊයේ (26) ආරම්භ වූයේය. මෙම තරඟයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය අවසන් වනවිට කඩුලු 6ක් දැවී ලකුණු 340ක් ලබා සිටියේය.

ඉනිම අරඹන ලද්දේ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා විසිනි. දිමුත් කරුණාරත්න ලකුණු 22ට හා කුසල් ජනිත් පෙරේරා ලකුණු 16කට දැවී ගියේය. තුන්වන කඩුල්ල ලෙස   කුසල් මෙන්ඩිස්ට සාර්ථක වන්නට ඉඩ ලැබුණේ නැත. ඔහු ලකුණු 12කට දැවී ගියේය.

කෙසේ වෙතත් මේ තරගයේ දී කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ ලකුණු 3000 පසු කළේය.  ටෙස්ට් ලකුණු  3000 සීමාව පසු කළ 14 වන ශ්‍රී ලාංකික පිතිකරුවා  කුසල් මෙන්ඩිස්ය.   තරගය ආරම්භ වනවිට ටෙස්ට් ලකුණු 3000 සම්පූර්ණ කිරීම සඳහා කුසල් මෙන්ඩිස්ට අවශ්‍යව තිබුණේ ලකුණු 05 ක් පමණයි. ඒ අනුව ඊයේ තරඟයේ දී රැස් කළ ලකුණු 12 ත් සමග කුසල් මෙන්ඩිස් ටෙස්ට් ලකුණු 3,007 ක් රැස්කර ගත්තේය. මේ ලකුණු ප්‍රමාණය රැස් කරගැනීමට ඔහු ටෙස්ට් තරඟ 45කට ක‍්‍රීඩා කර තිබිණි.  කුසල් මෙන්ඩිස් ශතක 07 ක් සහ අර්ධ ශතක 11 ක් ලංකාව වෙනුවෙන් රැස් කර ඇත.


කුසල් මෙන්ඩිස්ගෙන් අනතුරුව පිටියට එක්වූ ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 54 කට කඩුලූ 03 ක් බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකා ඉණිම ශක්තිමත් කරමින් ලකුණු 131 ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූහ.  මේ අතර ආබාධයකට ලක් වූ ධනංජය ද සිල්වාට පිටියෙන් ඉවත් වීමට සිදු විය. ඒ වනවිට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 79 කි. ඉන් අනතුරුව සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දිමාල් සිය ඉනිම ලකුණු 85කට නිමා කළේය. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 284ක් ලබා සිටියේය. නිරෝෂන් දික්වැල්ල ලකුණු 49ක් ලබා සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමට විආන් මෝල්ඩර් සමත් වූයේය. ලකුණු පුවරුවේ දිස් වූයේ ලකුණු 296ට කඩුලු 05ක් ලෙසිනි.

මේ වනවිට පිටියේ රැඳී සිට දසුන් ශානකට වනිඳු හසරංග එක් වූයේය. වනිඳු හසරංග ලංකාවේ 151 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගන්නට මේ තරගයේ දී සමත් වූයේය. එහෙත් ලකුණු 18ක් ලබා සිටිය දී වනිඳු හසරංග දවා ගැනීමට ලුතො සිපම්ලා සමත් වූයේය. ඒ වනවිට ශ්‍රි ලංකා කණ්ඩායම  ලකුණු 320ක් ලබා සිටියේය.

මුල් දිනයේ තරගය අවසන් වන විට  දසුන් ශානකට එක් වී සිටියේ කසුන් රාජිතය. දසුන් ශානක නොදැවී ලකුණු 25ක් හා කසුන් රාජිත නොදැවී ලකුණු 07ක් ලබමින් පිටියේ රැඳී සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පන්දු යැවීමේ දී ලුන්ගි න්ගිඩි, ලුතො සිපම්ලා, අන්රිච් නෝට්ජ්, එක් කඩුල්ල බැගින් ද, විආන් මෝල්ඩර් ලකුණු 68කට කඩුළු 3ක් ද ලබා ගත්තේය.

 

 

Exit mobile version