පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

එකෙකුට එකෙක් නැති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රහසේ මඩ ගහගන්න පටන් අරන් ද?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකු විසින් ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර කරන ලද විනය විරෝධී ක්‍රියා  පිළිබඳ තොරතුරු මාධ්‍ය විසින් වාර්තා කළේය.

ගාල්ලේදී පැවැති එංගලන්ත  පළමු ටෙස්ට් තරගය අතරතුරදී කොවිඩ් 19 වෛරසය පිළිබඳ සොයා බැලීමට පත්කර තිබූ වෛද්‍යවරියක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ අයථා හැසිරීමක්  දිගින් දිගටම   මාධ්‍යවල පල වී තිබිණි.

අදාළ වෛද්‍යවරිය එංගලන්තයේ පැවැති දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියකටද සහභාගිවූ වෛද්‍යවරියකි. ඉකුත් දකුණු අප්‍රිකානු සංචාරයේදී එරට කොරෝනා වසංගත  තත්ත්වය සම්බන්ධවද සොයා බැලීමට මෙම වෛද්‍යවරිය පිටත්ව ගොස් ඇතැයි වැඩිදුරටත් කියැවිනි.


එහිදී ද ක්‍රීඩකයන් කිහිප දෙනකු සහ වෛද්‍යවරිය අතර අයථා හැසිරීම්   කළමනාකාරීත්වයට වාර්තා වී තිබු බව කණ්ඩායම් ආරංචි මාර්ග කීවේ යැයි වාර්තා වූයේය.

කෙසේ වෙතත් මේ පිළිබඳ කළ සොයා බැලීමක දී   මේ සියලු  කතා පසුපස   අතිශයින්ම ද්වේශ සහගත හැසිරීම් තිබීමේ සම්භාවිතව වැඩි බව හෙළි වී ඇත.  මාධ්‍ය ඔස්සේ මේ තරම් දැඩි විවේචන ගොනු වෙද්දීත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට එවැනි සිද්ධියක් කණ්ඩායම් කළමණාකාරිත්වය විසින් වාර්තා කර නැති බව කියැවිනි. ක්‍රීඩාගාරයක් තුළ සිදුවිය නොහැකි තරමේ අභව්‍ය සිද්ධියක් මෙන්ම බරපතල විනය බිඳ දැමීමක් සිදුවූයේ නම් අංශු මාත්‍ර සිහියක් ඇති පුද්ගලයෙක් එය තමන්ගේ ඇඟේ ගා ගන්නේ නැති බව එම ආරංචි මාර්ග අපට කීවේ වත්මන් ක්‍රිකට් කළමනාකරුවාගේ සාමාන්‍ය හැසිරීම ගැනද තොරතුරු හෙළිකරමිනි.

මෙවැනි කතාවක් නිර්මාණය වීමට හේතු ගණනාවක් ඇති බව ද එම ආරංචි මාර්ග කීවේය. ඔවුන් දක්වන පරිදි  ඉන් ප්‍රධානම හේතුව කණ්ඩායම තුළ ක්‍රීඩකයන් එකෙකුට එකෙක් නොමැති වීමය.  මේ තත්වය තුළ කණ්ඩායමේ ස්වකීය ස්ථානය තහවුරු කරගැනීමේ ප්‍රාථමික කුලල් කා ගැනීම් ඇති වී තිබෙන බවත් ඒ සඳහා ඕනෑම දුර්දාන්තයක් කිරීමට ඔවුන් එකිනෙකාට රහසේ පෙළඹෙන බවත් වාර්තා විය.

එමෙන්ම දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගී වූ වෛද්‍යවරියම ගාල්ල තරගාවලියට සහභාගී වීම නිසා මෙවැනි සංචාර අපේක්ෂාවෙන් සිටින නිලධාරීන් විසින් ඇති කරන ද්වේශ සහගත කැළඹීම් ද මෙවැනි සාහසකි මඩ ප්‍රහාරවලට හේතු වන බව ද එම ආරංචි මාර්ග සැල කළේය.

කෙසේ වෙතත් මුලු ක්‍රීඩාව ඇත්තේ අනතුරකය. අයාලේ යන අශික්ෂිත තත්වයකය. තවදුරටත් අප ආදරය කරන ක්‍රිකට් අපේ රටේ නැත.

ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී ක්‍රීඩකයක් කිහිප දෙනකු විසින් කාඩ් සෙල්ලම් කිරීමේ සිද්ධිය ලෝකයම සජීවීව දැක්කේය. නැගෙන පීඩනය ඉදිරියේ කණ්ඩායම්  කළමණාකරු ඉල්ලා අස් වුනේය. මේ සම්බන්ධයෙන් අසන්ත ද මෙල්ගෙන් විමසීමක් කිරීමට අප උත්සාහ දැරුවද එය ව්‍යර්ථ වී ගියේය.

ක්‍රීඩාව යනු විනය ය. විනයක් නැති ක්‍රීඩාව ලාභ බලු පොරයකට දෙවෙනි වන්නේ නැත. ක්‍රිකට් තුළ ඒ පොරය ඉපදී තිබේ. දැන් එහි විලි ලජ්ජා නැති අශිෂ්ඨත්වය එළි දකිමින් ඇත.  ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ එළිපිටම සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගසා ගනිති. කුණු ඇද ගනිති. ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුත් ක්‍රිකට් ගසන්නට පටන් ගෙන ඇත. විලි ලජ්ජා සහිත ඇත්ත ටිකින් ටික අප ඉදිරිපිටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් එංගලන්ත තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් හී දැඩි වෙනස්කම් සිදු කිරීමට තමන්ට සිදුවන බව ක්‍රීඩා ආමාත්‍ය නාමල් රජපක්ෂ  කීවේය. දැන් රට බලා සිටින්නේ මේ ක්‍රිකට් කුම්භාණ්ඩන් දෙස නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට්  සම්බන්ධව යුක්ති සහගතව හැසිරෙන බව කියන ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ දෙසය.

 

 

Exit mobile version