පරාජය වූ රටට ජයග්‍රහණයේ මිහිර යළිත් ගෙනා දකුණු ආසියානු පැසි පන්දු ශූරියෝ…

Basket-Ball

රටම පරාජයේ නීරස අත්දැකීම් විඳිමින් සිටිය දී  ආසියානු කුසලාන දෙකක් දිනාගත් උත්කර්ෂයේ උණුසුම තවමත් අපේ හදවත් තුළය.  එවැනි මොහොතක තවත් අන්තර්ජාතික ජයග්‍රහණයක මිහිරිම කතාව ඇසෙමින් ඇත. ඒ දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවය පිළිබඳවය.

ශ්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම ඊයේ දකුණු ආසියානු   කාන්තා පැසිපන්දු ශූරතාවය   පිට පිට දෙවැනි වරටත්  තමන් සතු කරගත්හ.  ඒ  සත්කාරක මාලදිවයින කණ්ඩායම  සමගින් පැවැති තරගයෙන් ලකුණු  72-59ක ජයක් වාර්තා කරමිනි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව  නේපාලය හමුවේ පරාජය වුවද,  සිය තරගවලදී ලැබූ ලකුණු සංඛ්‍යාව  ඉහළ මට්ටමක පැවතීම අනුව  අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට  ජයග්‍රහණය හිමිවීමට නම් ලකුණු  9කට වැඩි පරතරයකින් ජයග්‍රහණය කිරීමේ  අවශ්‍යතාව පැවතිණි.

අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  මාලදිවයිනට එරෙහිව   ලකුණු 13ක පරතරයක්  සහිතව තරගය ජය ගත්හ.


මාලදිවයින ක්‍රීඩිකාවන් තරගයට පැමිණියේ අපරාජිතවය. තරගයේ වැඩි වාසිය පැවතුනේ ඔවුන්ටය.

ශ්‍රී ලංකාව  එක් තරග පරාජයක් සහිතව තරග බිමට පිවිසය ද ඔවුන් සිටියේ ඉතාම යපහත් ජයග්‍රාහී මානසිකත්වයකය.  මුල් කාර්තුවේදීම  ලකුණු 23 -11 ලෙස තරගයේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඉන් අනතුරුව එළැඹි කාර්තු දෙකෙහිදීම මාලදිවයින් ක්‍රීඩිකාවන්ට එරෙහි ලකුණු පරතරය පවත්වා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවත් ජයගහ්‍රණයක් සමගින් ඒ කෙල්ලන් ලංකාවට පැමිණීමට නියමිතය.

Exit mobile version